• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකයක් එක්ක පොර අල්ලපු කොස් දෙල් කාපු අපේ කෙල්ල…

August 16, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ලෝකයක් එක්ක පොර අල්ලපු කොස් දෙල් කාපු අපේ කෙල්ල…
Share on WhatsAppShare on Facebook

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලව පොර වළල්ට සියල්ල සූදානම්. කහපාට ඇඳුමක් ඇඳගත්ත තලත්තෑනි තරුණියක්. ඇයට අත්දැකීම් බහුලයි. නිවේදකයා ඇය ගැන කියන්නේ මේ ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාව පදක්කම් රාශියක් ලැබූ ක්‍රීඩිකාවක්. ඇය ජයග්‍රහණ රාශියක් ලබපු අත්දැකීම් බහුල කෙනෙක්. ඇය මේ තරගය ජයග්‍රහණය කරන්න තියෙන ඉඩ බොහොම වැඩියි කියලා. තරගය පටන්ගන්නත් කලින්ම ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාව ජයග්‍රහණය කරලා ඉවරයි. ඇයගේ පිටිපස්සෙන් ඉන්නේ නෙත්මි අහිංසා. ඇය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව කියන පුංචි දූපත. ඈත දූපතක ඉඳන් ආපු මේ ක්‍රීඩිකාව අවතක්සේරුවට ලක්වෙන්නේ තරගය පටන්ගන්නත් කලින්. නිවේදකයා කියනවා නෙත්මි අහිංසා එයාගෙ නම. එයා බොහොම තරුණයි. තාම වයස අවුරුදු 18යි. අත්දැකීම් නෑ. ජයග්‍රහණ ලබලා නෑ. ප්‍රධාන මට්ටමේ පදක්කම් කිසිවක් දිනලා නෑ. ඔහු, නෙත්මිව පරාජය කරලා ඉවරයි. ඒත් අපිට වටින්නේ නෙත්මිව. නෙත්මිගෙ පුහුණුකරු, නෙත්මිගෙ සහායකයො කෑගහන්නෙ සිංහලෙන්. සුද්ද සිංහලෙන්. දිනපන්, අතහැරපන්, හයියෙන් බ්ලොක් එක දාපන්, ඕනෙ තැන්වලදී විතරක් වැඩ කරපන්… ඒ මිනිස්සු කතාකරන්නේ හදවතින්. ඒ හදවතේ භාෂාව අහන් ඉන්නකොට අපේ ඇඟේ මවිල් දැනුත් කෙළින් වෙනවා.

නෙත්මි අහිංසා නොදන්නා රටක ඈත තැනක විශිෂ්ට යැයි කියන ක්‍රීඩිකාවන් අතර ඇයට පුළුවන් විදියට සටන් කළා. කොහොම හරි ඈ අන්තිමට කොහේදෝ තිබිච්ච ලෝකඩ පදක්කමක් අපේ පුංචි රට වෙනුවෙන් අරගෙන එනවා. තරගය පටන්ගන්නත් කලින් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවට ජයග්‍රහණය භාරදුන්නු නිවේදකයා කියනවා අන්තිමට කවදාවත් අපේ ජීවිතේ අමතක නොවෙන වචනයක්. පුංචි රටවලට පුළුවන් ලොකු ජයග්‍රහණ ලබාගන්න කියලා. මේ මිනිහට මතක නැතුව ඇති මේ පුංචි රට 1996 ඔය කහපාට ඇඳුමම ඇඳගෙන ආපු ඔස්ටේ්‍රලියානුවන්ට ගහලා ලෝක කුසලානෙ ගත්තා කියලා. ඔහු සමහර විට දන්නෙ නැතුව ඇති 2014 අපි විශාල රටක කණ්ඩායමක් වෙච්ච ඉන්දියාව පරාජය කරලා ටී-20 කුසලානය ගත්තා කියලා. අපි පුංචි නෑ. එහෙම පේන බව ඇත්ත. ඒත් අපේ එවුන්ට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒත් කියන්න කතාවක් තියෙනවා.

නෙත්මිට හරියට කන්න දෙන්න බැරිව ගිය බව අපි පිළිගන්න ඕනෙ. නෙත්මිට හරියට පුහුණු කරන්න මෙට්ටයක් දෙන්න බැරි වෙච්ච එකත් අපි පිළිගන්න ඕනෙ. නෙත්මි කොච්චර මහන්සි වෙන්න ඇද්ද? නෙත්මි කොච්චර දුක් විඳින්න ඇද්ද කියන එක ගැන අපිට මේ මොහොතේ අවංක කනගාටුවක් නැත්නම්, අපි මිනිස්සු වෙන්න බෑ. වෙල්පල්ල මහා විද්‍යාලයට යාබදව හදාගත්තු ටකරන් මඩුවක සුරංග සර්රුයි, නෙත්මිලයි පුහුණුවීම් කරන හැටි නුවන් ජූඩ් ලියනගේ කියන ප්‍රකට මාධ්‍යවේදියා එක වතාවක් යූටියුබ් එකට වීඩියෝ එකක් කරලා තියෙනවා මම දැක්කා. ඒ, නෙත්මි අහිංසා පෝරුතොටගේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම පලඳින්න කලින් නෙත්මිගෙ වටිනාකම දැක්ක කෙනෙක්. එදා නෙත්මි බිමට හරියට මෙට්ටයක් නැතුව අමාරුවෙන් පුහුණුවීම් කරන හැටි ඒ වීඩියෝවල තියෙනවා. එහෙම පුහුණුවීම් කරපු නෙත්මි තමයි ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් අරගෙන එන්නේ. නෙත්මිට වාසනාවකට විදේශ පුහුණුවක් ලබන්න තරම් අවස්ථාව ලැබෙනවා. ඒක වෙනම කතාවක්. නෙත්මිට හරිහමන් ගෙයක් දොරක්වත් හදාගන්න තවම පුළුවන් වෙලා නෑ. නෙත්මි පුංචි ගෙදර තැන් තැන්වල බිත්තිවල ඔලිම්පික් සිහිනය ගැන එක එක දේවල් ලියලා තියෙන හැටි අපි නෙත්මිගෙ ජයග්‍රහණයෙන් පස්සේ දැක්කා. ඒත් ඒ පුංචි ගෙදර පදක්කම්වලින් සරසපු මේ කෙල්ල හිටියෙ කොහෙද කියලවත් අපේ රටේ වැඩි පිරිසක් දැනගෙන හිටියෙ නෑ. මේ ලිපිය ලියන මමත් ඒ නොදැන හිටපු ගොඩේ ඉන්න කෙනෙක්. ඒ නිසා මේ වැරැද්දේ වගකීම මටත් පැවරෙනවා. ඒක කිසි කෙනෙකුට බේරෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි.

නෙත්මිලට මෙට්ට ටිකක් ලැබුණත්, සුරංග සර්ටයි, නෙත්මිලටයි ඒවා දාගන්න තැනක් නැතිවෙනවා. අන්තිමට නෙත්මිලට යන්න වෙනවා වෙල්පල්ලේ පන්සලට. ඒත් වෙල්පල්ලේ පන්සලේ ඉඩ දුන්නත් ටික දවසකින් පන්සලෙන් කියනවා සද්ද බද්ද කරනවා වැඩියි, ඒ නිසා ඕක නවත්තන්න කියලා. ඉන් පස්සේ සුරංග කුමාර සර්රුත් එක්ක නෙත්මිලා යන්නේ ගමේ කමතට. වැහි දවසට කමතේ ක්‍රීඩා පුහුණුවීම් කරන්න බෑ. ඒක නිසා වැහි දවස්වලට වැඩේ නතර කරන්න සිදුවෙනවා. ඒ නිසා වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. මේ ළමයින්ට කමත තමයි උදව්වට එන්නේ. ඒත්, ඒක සාර්ථක විකල්පයක් වෙන්නේ නෑ. ඊට පස්සේ නෙත්මිටයි, සුරංග සර්ටයි අවස්ථාවක් ලැබෙනවා කොහෙද තියෙන ගොඩනැගිල්ලකට යන්න. හැබැයි ඒ ගොඩනැගිල්ලෙනුත් ඉතාම ඉක්මනින් ආපහු යන්න සිද්ධ වෙනවා. අන්තිමට සුරංග සර්ගෙ ගෙදර තමයි නෙත්මිලට පුහුණුවීම් කරන්න ඔය මඩුව හදාගත්තෙ. ඒක බොහොම ප්‍රාථමික සහ නොදියුණු එකක්. ගමේ මිනිස්සු, අහල පහළ අය එකතු වෙලා සුරංග සර්ගෙ ගෙදරම මේ කටයුත්ත කරන්න පටන්ගත්තා.

නෙත්මිලට මහා ලොකු පෝෂණීය දේවල් කන්න ලැබුණේ නැති බව සුරංග සර් පැහැදිලිවම කියනවා. මේ ළමයින්ට කොස්, පොලොස්, අල, බතල දීලා තමයි අපි මේ පුහුණුවීම් කළේ කියලා. කොස්, පොලොස්, අල, බතල කාපු නෙත්මි අද ලෝකයක් ඉස්සරහා ලංකාවෙ නම බබළවන්න සමත්වෙලා ඉවරයි. තාම නෙත්මිට වයස අවුරුදු 18යි. නෙත්මිට තව ඕනෙ තරම් වයස තියෙනවා. නෙත්මිට පරාජය වෙච්ච ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවට වයස අවුරුදු 30ක්. ඇයට අත්දැකීම් වැඩියි. ඇය ලැබූ ජයග්‍රහණ වැඩියි. ඇයට ලැබෙන පෝෂණය, පුහුණුවීම් සියල්ලම නෙත්මිට වඩා වැඩියි. හැබැයි නෙත්මි වයස අවුරුදු 18 දී මේ ජයග්‍රහණය ලංකාව වෙනුවෙන් දිනලා දුන්නා කියලා කියන්නේ හෙට නෙත්මි මීට වඩා විශාල වැඩක් කරන්න පුළුවන් කෙනෙක් වේවි. ඒ වගේම නෙත්මිත් එක්කම රන් පදක්කම් දිනපු තවත් ක්‍රීඩිකාවො දෙන්නෙක් ඉන්නවා. ඒ අය ගැනත් අපි හොයන්න ඕනෙ රටක් විදියට. මේ දරුවො ටික මේ රට රනින් බබළවන්න සමත් වෙන බව ඒකාන්තයි. පෙල්පල්ල පාසල් මෑණියන්ට ඒ ගෞරවයෙ වැඩි ප්‍රමාණයක් හිමිවිය යුතුයි. අපි කවුරුත් දන්නෙ නැති මේ පුංචි ඉස්කෝලෙ අද වෙනකොට මුළු රටම දන්න ඉස්කෝලයක් බවට පත්වෙලා. නෙත්මිගෙ පුංචි ගෙදර අද පරිස්සමට තියලා තියෙන ඒ ලෝකඩ පදක්කම නෙත්මිට විතරක් නෙවෙයි මුළු රටටම ආඩම්බරයක් ගෙනල්ලා දුන්නු එකක්. නෙත්මිගෙ ගෙදර රනින් බැබළේවි. නෙත්මි රනින් සැරසේවි. නෙත්මිට තව ටිකක් ලොකු ගෙයක්, පහසුකම් ටිකක් මේ සියල්ල ලැබේවි. ඒ මොනවා ලැබුණත් නෙත්මි අපිට දුන්නු වටිනාකමට සමාන වටිනාකමක්, නෙත්මි අපිට දුන්නු සතුටට සමාන සතුටක් ඒ ජයග්‍රහණය වෙනුවෙන් වන්දියක් ගෙවන්න අපිට නම් හිතාගන්නවත් බෑ නෙත්මි…

නෙත්මිටත්, සුරංග සර්ටත්, නෙත්මිත් එක්ක ඉන්න අනෙක් කෙල්ලො කොල්ලො ටිකටත් ජයග්‍රහණම ලැබේවා කියලා ‘මව්රට’ අපි ප්‍රාර්ථනා කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මේ ජනාධිපතිට ජනතා බලයක් නෑ! පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජන්දයක් තියන්න! වාසුත් ජන්ද සටන පටන් ගනී! (VIDEO)

Next Post

චීන ඔත්තු නැව හම්බන්තොටට ආවා! සජීවී දර්ශන මෙන්න! (VIDEO)

MORE NEWS

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

Load More
වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

තමන්ට ජනතාවට බොරු කිව නොහැකි බවත්, ජනතාවට ඇත්ත කියා ගෙදර යාමට තමන් සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka...

Read more
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.