ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.
ඊයේ (28) දින යවා ඇති මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා ඉන්දියාව මේ වනවිට පත්ව ඇති අර්බූදකාරී වාතාවරණයෙ ජයගැනීම සදහා වූ ශක්තිය සහ නායකත්වය මෝඩි මහතා වෙත ඇති බව පෙන්වා දී තිබේ.
චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා ලංකාවේ සිටියදීම ජනාධිපතිවරයා මෙම ලිපිය ඉන්දීය අගමැතිවරයා වෙත යවා තිබීම විශේෂ සිදුවීමකි.










