• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උගන්ඩාවට අරන් ගිය ශ්‍රීලන්කන් යානා තුනේ රහස් පෙට්ටි 102ක තිබුණේ මොනවාද?

April 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
උගන්ඩාවට අරන් ගිය ශ්‍රීලන්කන් යානා තුනේ රහස් පෙට්ටි 102ක තිබුණේ මොනවාද?
Share on WhatsAppShare on Facebook

‘හොරෙකු සහ තක්කඩියෙකු නොවේ නම් දේශපාලකයකුට ලොකු පොහොසතෙකු විය නොහැකි බැව් කිව්වේ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ හැරී එස්. ටෲමන්ය. ඒ කියමන අදටත් වලංගුය. තැළිලා පොඩිවන ජීවිත දවසක මුවහත් ආයුධ වෙන බව රටවල් කන දේශපාලකයෝ නොදනී. මා මේ ලියන්නේ සියලුම දේශපාලකයන් ගැන නොවේ. මේ ලිපි පෙළ මා ලියන්නේ ඇතැම් දේශපාලකයන් ශ්‍රී ලංකාව කන හැටි විශ්ලේෂණය කිරීමටද නොවේ. අද මා ඉදිරිපත් කරන්නේ උන්ඩාව නමැති රටට අත්වූ ඉරණම ගැනය. උගන්ඩාව මා විසින් හඳුන්වන්නේ යක්‍ෂයන් තුන්දෙනෙකුට ගොදුරු වූ රටක් වශයෙනි. මේ යකුන් තිදෙනා නම් උගන්ඩාව පාලනය කළ ඔබටේ, ඉඩිඅමීන් සහ මුසවේනිය. උගන්ඩාව යනු මානය ඉහළ ගිය ඥානය පහළ ගිය දේශපාලකයන් සිටින රටකි. එසේම තවද උගන්ඩාව යනු මහජන දේපොළ නැති භංගස්ථාන වී, ආර්ථිකය නට්ටංවූ රටක්ද වෙයි. මෙහි ජීවත් වන ජනතාවගේ අතේ පිච්චිය නැත. අසරණ වූ දරුවන්ගෙන්ද පිරුණු උගන්ඩාව එකම මිහිපිට අපායකි.’

කුමක්ද මේ අපූරු කතාන්දරය? මෙය මා විසින් ඔබට ලියන ලද්දක් නොවේ. පසුගිය කාලයේ මෙය ප්‍රකට සිංහල පුවත්පතකට ලියා තැබුවේ, දැනට ඇමෙරිකාවේ වාසය කරන ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සිරි හීන්පැල්ල විසිනි. සිරි හීන්පැල්ල යනු කලක් ශ්‍රී ලංකා රජයේ සිටි මාධ්‍ය ලේකම්වරයකුද වන අතර, ඔහු පසුගිය කාලයේ ‘ලෝකයේ වළපල්ලට ගිය රටවල්’ යන හිසින් ලිපි පෙළක්ම ලියුවේය. එහිදී උන්ඩාව ගැන ලියූ ලිපියේ එක් පරිච්ඡේදයක් මම ඔබට එසේ ලියා තැබුවෙමි. අද මා විසින් ලියා තබන ලිපියට මෙසේ උගන්ඩාව සබැඳෙන්නේ කෙසේද?

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පළවූයේ උගන්ඩාව ගැන කියැවෙන එක්තරා පුදුමාකාර පුවතකි. මෙම පුවත බොහෝ සෙයින් ඉස්මතු කර පෙන්වූයේ එක්තරා ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක් මගිනි. එය සැබැවින්ම නිකම් අල්ලා ඉවත දැමිය හැකි වගතුගක්ද නොවීය. උගන්ඩාව සහ ශ්‍රී ලංකාව එකට සම්බන්ධ වන මෙම පුවත හරහා කියැවුණේ, පසුගියදා ශ්‍රී ලංකාවෙන් මෙටි්‍රක් ටොන් 102ක් බරැති මුද්‍රිත ද්‍රව්‍ය තොගයක් උගන්ඩාව වෙත ගුවන් මගින් යැවීමේ කතාන්දරයක්ය. මෙම මුද්‍රිත ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය මගින්, ‘එයාර් බස් ඒ-333’ ගුවන් යානා 3ක් භාවිත කරමින් උගන්ඩාවට යවා ඇත. මෙය එකම දිනයකදී සිදුකෙරී ඇති අතර, උගන්ඩාවේ කම්පාලා අගනුවර ගුවන් තොටුපොළ වෙත එම භාණ්ඩ තොගය ප්‍රවාහනය කර ඇත. මෙටි්‍රක් ටොන් 102ක් බරැති මෙම භාණ්ඩ තොගය මුද්‍රිත ද්‍රව්‍ය ලෙස සඳහන් කළත්, එම මුද්‍රිත ද්‍රව්‍ය කුමක්දැයි මෙතෙක් සඳහන් කර නැත.

මෙම සිදුවීම පිළිබඳව මේ වන විට ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක් වන ‘සන්ඩේ ටයිම්ස්’ ඉරිදා පුවත්පත, විශේෂ ලිපි අනාවරණයක නිරතව සිටියි. එනම් එම පුවත්පත දැනට ‘තොරතුරු දැන ගැනීමේ පනත’ හරහා විශේෂ අයැදුම්පතක් යොමුකර ඇත්තේ, මෙම මුද්‍රිත ද්‍රව්‍ය කුමක් දැයි අනාවරණය කරන ලෙස ඉල්ලා සිටිමිනි. මෙම ඉල්ලුම්පත ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙම තොරතුරු ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙතින් ඉල්ලා තිබුණද එය ලැබී නැත. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතට අනුව අයැදුම්පත ඉදිරිපත් කළද මෙතෙක් එයට ප්‍රතිචාරයක් ලැබී නොමැත. කෙසේ හෝ මෙම ඉල්ලීමට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර ඇත්තේ, යම් වාණිජමය රහස්‍ය භාවයක් හේතු කරගෙන එම තොරතුරු ලබාදිය නොහැකි බැව්ය. තොරතුරු දැනගැනීමේ පනතේ 5(1)(ඩී) වගන්තිය යටතේ සමහර තොරතුරු ආවරණය වීමක් සිදුවන හෙයින් ඉහත සිද්ධියට අදාළ තොරතුරු ලබාදිය නොහැකි බැව් ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කර ඇත. මේ අනුව එම මුද්‍රිත ද්‍රව්‍ය කවරේද, භාණ්ඩ යැවීමට කටයුතු කළේ කවුද, භාණ්ඩ සඳහා පිරිවැය කුමක්ද, භාණ්ඩ අපනයනය කළේ කා සඳහාද යන තොරතුරු කිසිවක් දැනගැනීමට හැකිවී නොමැත. කෙසේ හෝ මෙම මුද්‍රිත ද්‍රව්‍ය යැයි සැලකෙන භාණ්ඩ තොගය උගන්ඩාවේ එන්ටබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සාර්ථකව ප්‍රවාහනය කර ඇති අතර, එහිදී යම් පාර්ශ්වයක් විසින් එම භාණ්ඩ නිෂ්කාශනය කිරීම සිදුකර ඇත. එසේම එම භාණ්ඩ තොගය එතැනින් කොතැනකට ගෙන ගියේද යන්න ගැන කිසිදු තොරතුරක් මෙතෙක් දැනගන්නට නැත. උගන්ඩා පාර්ශ්ව විසින්ද එය ඉතා රහසිගතව සිදුකර ඇතැයි වාර්තා වෙයි.

වාණිජමය විශ්වාසයකට සහ රහස්‍යභාවයකට යටත්ව මෙම භාණ්ඩ තොගය ගැන සියලු විස්තර හෙළි නොකළ හැකි බැව් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කර ඇත. මෙම භාණ්ඩවල නිශ්චිත ස්වභාවය හෙළි වුවහොත් වෙනත් ගුවන් සමාගම් හෝ ගුවන් භාණ්ඩ නියෝජිතයන් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අහිතකර අයුරින් මේ හා සමාන ගනුදෙනු කිරීමට පෙළඹිය හැකි යැයිද ශ්‍රී ලන්කන් ගුවන් සේවය අවධාරණය කර ඇත. මේ නිසා තොරතුරු හෙළිවූ විට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට දැඩි අවාසිදායක තත්ත්වයක් ඇති වන බැව්ද ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මෙම භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප පසුගියදා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ට්විටර් ගිණුමේ සඳහන්ව තිබූ අතර, එය දුටු බොහෝ පිරිස් ප්‍රශ්න කර තිබුණේ මෙම මුද්‍රිත ද්‍රව්‍ය ගැන විස්තර හෙළි කරන ලෙසය. එහෙත් එම තොරතුරු හෙළි කිරීමට අසමත්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුව එම ට්විටර් පණිවුඩය සහ ඡායාරූප එය තුළින් ඉවත් කර තිබිණි. මේ හෙයින් මෙම සිදුවීම ගැන පොදු ජනතාව දැඩි සැකයක් පළ කරන්නට විය. එසේම විවිධ දෝෂාරෝපණයක්ද නැඟෙන්නට විය.

මෙවැනි වාතාවරණයක් ඇති වූ හෙයින් මෙම සිදුවීමට එරෙහිව සමහර පාර්ශ්ව චෝදනා කර සිටියේ, මෙලෙස ශ්‍රී ලංකාවෙන් උගන්ඩාවට ගෙන යන්නට ඇත්තේ මුදල් නෝට්ටු වැනි අතිශය වටිනා ද්‍රව්‍යයක් බැව්ය. මුද්‍රිත ද්‍රව්‍ය යැයි පැවසෙන්නේ නම් හා ඒ ගැන තොරතුරු ප්‍රකාශ කිරීමටද අපහසු වේ. පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා රජය දැඩි දෝෂදර්ශනයට ලක්වූයේ, හිතූ මනාපයට මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා යැයි කියන ක්‍රියාවලියක් හරහාය. අවසානයේදී එය සත්‍යයක් බවටද පත්වූයේ රාජ්‍ය පාර්ශ්ව මෙන්ම, විපක්‍ෂය විසින්ද එයට අදාළව සංඛ්‍යා ලේඛන සහ දත්ත ඉදිරිපත් කිරීම මගින්ය. ඒ අනුව රුපියල් බිලියන ගණනාවක මුදල් නෝට්ටු මුද්‍රණය කළේ යැයි රජයට එරෙහිව දොස් නැඟිණි.

දැන් නැවැතත් අපි ආපසු හැරී බලමු. මෙම ලිපියේ ආරම්භයේදී උගන්ඩාව ගැන ලියා තැබුණු අපූරු වදන් ආවර්ජනය කරන්න. උගන්ඩාව යනු අප ශ්‍රී ලංකාවටත් වඩා අතිශයින්ම දුප්පත්, මහා දරිද්‍රතාවයකින් පෙළෙන රාජ්‍යයකි. එසේ නම් මෙලෙස මහා පරිමාන ගනුදෙනුවක් සිදුවන්නට කටයුතු යෙදුණේ කෙසේද? අපගේ ‘මව්රට’ පාඨකයන් වෙනුවෙන් මෙහි වගතුග තවත් තීව්‍රව සොයා බලන්නට අප උත්සාහ ගත්තෙමු. ශ්‍රී ලංකාව, උගන්ඩාව සමග තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳකම් මොනවා දැයි බලමු. 80 දශකයේ සිට උගන්ඩාව සමග ඉතාමත් අල්ප රාජ්‍යතාන්ත්‍රික බැඳීමත් ශ්‍රී ලංකාවට තිබුණු අතර, ඒවා කිසිවිටෙකවත් උද්දීපනයකට ලක්වූ ඒවා නොවේ. එසේම අනෙක් සුවිශේෂී පුවත වන්නේ මේතාක් දක්වා ශ්‍රී ලංකාව තුළ උගන්ඩාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් හෝ කොන්සියුලර් කාර්යාලයක් හෝ නොමැත. එහෙත් පසුගිය මහින්ද රාජපක්‍ෂ ජනාධිපති සමයේදී උගන්ඩාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳකම් වර්ධනය වූ අතර, උගන්ඩාවේ, කම්පාලා අගනුවරදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කළේය. එය දැනට කම්පාලාහි තිබෙන ඉම්පීරියල් රෝයල් හෝටලයේ 4 වැනි තට්ටුවෙහි පිහිටා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමයේදී ඉතාමත් අපූරු සිදුවීමක් සිදුවූයේය. එනම් 2012 වසරේ නොවැම්බර් 12 සිට 15 දක්වා තෙදිනක නිල සංචාරයක් සඳහා උගන්ඩාවේ වත්මන් ජනාධිපති, යොවේරි මුසෙවේනි සහ ජනාධිපති ආර්යාව වන ජෙනෙට් මුසෙවේනිද ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔවුන් ප්‍රධානව තවත් උගන්ඩා රජයේ ප්‍රධාන ඇමැතිවරුන් තිදෙනෙකුද පැමිණි අතර, මෙම දූත කණ්ඩායම මෙහි පැමිණියේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ ආරාධනාව පරිදිය. මෙම දූත පිරිස සඳහා නොවැම්බර් 13 වැනිදා උදෑසන වෙඩිමුර 21ක විශේෂ හමුදා ආචාරයක්ද පවත්වන ලදී. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි සහ ආර්යාව මහත් ඉහළින් පිළිගත් අතර, ජනාධිපති මැඳුරේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වූයේය. මෙම දූත මෙහෙවරේදී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර අවබෝධතා ගිවිසුම් 5ක්ද අස්සන් කරන ලදී. එසේම මෙම උගන්ඩා දූත පිරිස ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන කිහිපයකට සංචාරයන්ද සිදුකළේය. එසේම අවසානයේදී ශ්‍රී ලංකාව විසින් උගන්ඩාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක විශේෂ මුදල් පරිත්‍යාගයක්ද සිදුකළේය. මෙය එකල මුදලින් රුපියල් කෝටි 30ක් පමණ වෙයි. උගන්ඩාව තුළ දරුවන් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා මෙම මුදල ශ්‍රී ලංකා රජය විසින් පරිත්‍යාග කරන ලදී.

අතිශය දුගී දුප්පත් දේශයක් වන උගන්ඩාවට මෙවැනි මුදලක් පරිත්‍යාග කිරීම ගැන උගන්ඩා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත බොහෝ සෙයින් තම කෘතඥතාවය පිරිනමා ඇත. එදා සිට දැනටත් මේ දක්වා උගන්ඩාවේ ජනාධිපති ධුරය හොබවන මෙම යොවේරි මුසෙවේනි යනු කවුද? දැන් නැවැත ඔබ ආවර්ජනය කරන්න, මෙම ලිපියේ මුලින් ඔහු ගැන සඳහන් වූවා ඔබට මතකද? ලේඛක සිරි හීන්පැල්ලගේ ලිපියේ එම සඳහන තිබුණේ යහපත් ආකාරයෙන් නොවේ. කෙසේ හෝ එම වගතුග පසෙකට තබා යොවේරි මුසෙවේනි කවුදැයි අප විසින් සොයා බලමු. මුසේවේනි යනු එක්තරා අතකින් දඩබ්බර එසේම කිසිවෙකුටත් බිය නොවන ජාතියේ පුද්ගලයෙකි. එනම් ඔහු මෙයට පෙර උගන්ඩාවේ සිටි අතිශය දරුණු එමෙන්ම මිනීමරු ජනාධිපතිවරයකු වූ මුළුමහත් ලොවම හඳුනන ඉඩි අමීන් ඩාඩා එකල බලයෙන් පහකිරීමට කැරැල්ලක් මෙහෙය වූ නායකයකු වෙයි. මිනිසුන් සිය, දහස් ගණන් ඝාතනය කළ ඉඩි අමීන් 1971 සිට 1979 දක්වා උගන්ඩාවේ ජනාධිපතිවරයා විය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොරෝනා රට පුරා ගිය වැරැද්ද කාගේද? සජිත් රටටම පෙන්වා දෙයි (VIDEO)

Next Post

චීන ආරක්ෂක ඇමැති ලංකාවේ සිටිද්දීම ජනපතිගෙන් ඉන්දීය අගමැතිට පණිවුඩයක්

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.