ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇත.
නව දේශපාලන හා සමාජ බලවේගයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන එසේ ඉල්ලා අස්වන බව අද (12) පැවැති එම පක්ෂයේ රැස්වීමකදී ඒ මහතා අනාවරණය කර සිටියේය.
මෙම හමුවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ කරුණාරත්න පරණවිතාන, නිශාන්ත වර්ණසිංහ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
















