ශ්‍රී ලංකා අමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පත්ව ඇත.
නව වන පාර්ලිමේන්තුවේ ඊට අදාළ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමේදී මෙම තනතුර සදහා වීරක්කොඩි මහතා තෝරා පත් කර ගනු ලැබීය.
මෙම අවස්ථාවට මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මියද එක්ව සිටියාය.