පක්ෂ තීන්දුවට පිටින් යමින් වෙනත් සමුළු පැවැත්වුවහොත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂයෙන් ඉවත් කරන බවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කලින් ප්‍රකාශ කර තිබුණද අද (05) රාත්‍රියේ පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එවැනි තීන්දුවක් ගෙන නොමැති බව දැනගන්නට ඇත.
ඒ සම්බන්ධයෙන් මාතෘකාව ඇදී ආ අවස්ථාවේ ලබන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ බව සාකච්ජා කළ හැකි යැයි කියමින් එය පසුවට කල් දැමීමට පිරිස කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් අදාළ සමුළුවට සහභාගී වූ ආසන සංවිධායකවරුන් වෙනුවට වෙනත් සංවිධායකවරුන් පත් කිරීම කෙරෙහි මෙහිදීී අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව මෙම සාකච්ජාවට ජනාධිපතිවරයා සහභාගී නොවන බවට මුලින් දැනුම් දී තිබුණත් පසුව ජනාධීපතිවරයා ඊට සහභාගී වී ඇති බව පැවසේ.
නමුත් ජනාධිපතිවරයා සාකච්ජාවේ මුලසුන නොගෙන සාමාන්‍ය සභිකයන් රැදී සිටි ආසනයක අසුන්ගෙන සිටි බවත්, වැඩබලන සභාපතිවරයා වශයෙන් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස රැස්වීමේ මුලසුන දැරූ බවත් දැනගන්නට ඇත.