ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ද්‍රෞපදී මුර්මු තේරී පත් වූවාය.
ප්‍රතිභා පාතිල්ගෙන් පසු ඉන්දීය ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි.
ප්‍රතිභා පාතිල් ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධුර කාලය පැවැතියේ 2007 සිට 2012 දක්වාය. ප්‍රතිභා පාතිල් ඉන්දීය කොංග්‍රස් පක්ෂ සාමාජිකාවකි; නීතීඥවරියකි.
64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි.
එබැවින් ඉන්දීය ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක ජනාධිපති ධුරය ට පත් වුණු පළමු මෙන්ම ඓතිහාසික අවස්ථාව වන්නේ මෙයයි.










