හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදුර්දීන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි හමුවී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට තරම් සම්බන්ධයක් ඇතැයි විමර්ශනවල දී හෙළි නොවුණු බවයි.
කෙසේවෙතත් පසුගිය ආණ්ඩු සමයේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණේ 2017 දී සහරාන්ව ඉන්දියාවට යැවීමට රියාජ් බදුර්දීන් කටයුතු කොට ඇති බවකි.
එමෙන්ම සතොස වංචාවට රිෂාඩ්ගේ බැංකු ගිණුමේ කෝටි 100ක් ඇති බවද පුවත්පත් වාර්තා කර තිබිණ.
මීට අමතරව හොර ඔප්පුවලින් තලෙයි මන්නාරමේ ඉඩම් අක්කර 40ක් ඇල්ලූ බවටද රියාජ් බදුර්දීන්ට චෝදනා එල්ල වී තිබිණ.