ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අද (09) දින අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව ගම සමග පිළිසදරක් වැඩසටහනේ පස්වන අදියර ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ උත්සවයට සහභාගී විය.
එහිදී කොවිඩ් මර්දනය සඳහා විදේශයන්හි නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.
මේ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ඉරුදෙනියාය ගම්මානයේ ජංගම සේවයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.
ඊට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් ද එක්විය.










