• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-බය
සජ-බය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 13, 2021
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ගෝඨා-බය  සජ-බය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ගෝඨාගේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති බව නම් ඇත්තය. ඔහු පසුගිය බදාදා කළේ ආන්දෝලනාත්මක කතාවකි. ඒ කතාවේ හැංගුණු කතා තුනක් තිබේ. ඔහු ඒ කතාව කරන්නේ ඒ කතා තුන හංගාගෙනය. ඔහු දැන දැනම ඒ කතා තුන හංගන්නේ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ජනාධිපති ලෙස ඒ කතා තුන තමන්ට කියන්න බැරි බව දැනගෙනය.

‘මොකක්ද ඒ නොකියන රහස් තුන?

පළමුවැන්න ඊළඟ මැතිවරණයේදී පොදුජන පෙරමුණ පරාජය වීම නියත බව ඔහු පිළිගෙන ඇත. ‘තමන් අසාර්ථක වුණොත්’ යන වචනය ඔහු යොදන්නේ පොදුජන පෙරමුණේ ජාම බේරාගන්නටය. ඔහු නොකියා කියන්නේ තමාත් ආණ්ඩුවත් අසාර්ථක නිසා වෙනත් පක්ෂයක් බලයට පත්වීම වළක්වන්න බැරි බවය. ඔහු තමන්ව පරාජයට පත්කොට බලයට ගෙන ආ යුතු කණ්ඩායම ගැන ජනතාවට උපදෙස් දෙන්නේත් ඉදිරි අවුරුදු තුනෙහිවත් තමන්ටත් ආණ්ඩුවටත් සාර්ථක විය නොහැකි බව තේරුම් ගෙන ඇතිවා මෙන්ය.

දෙවැන්න ඔහු කතා කරන්නේ ඊළඟට බලයට එන ජනාධිපතිවරයකු ගැන නොව සමූහයක් ගැනය. පිරිසක් ගැනය. ඒ කියන්නේ ඔහු ඊළඟ ජනාධිපතිවරණයට යන්නට පෙර හදිසි මහ මැතිවරණයකට යෑමේ දොළදුකකින් පෙළෙයි. මීට පෙරත් මෙම ලිපියෙන් පෙන්වා දුන් ලෙස පක්ෂයක නායකත්වයක් ලැබ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවා ජනාධිපති නොවී හදිසියේ මතුවී ජනාධිපතිවරු බවට පත්වූ සෑම අයකුම තම පළමු නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයකට යන්න බයක් දක්වයි. ඔවුන් හැම විටම උත්සාහ දරන්නේ මහ ඡන්දයකට යන්නටය. ඩී.බී. විජේතුංග ජනාධිපති වුණේ හදිසියෙනි. අහම්බයෙනි. ප්‍රේමදාස ඝාතනය වූ නිසා ඔහු ජනාධිපති විය. ඔහුට ජනාධිපතිවරණයකට යන්න යැයි යූ.ඇන්.පී. ආණ්ඩුව ඇතුළෙන්ම බලපෑම් ආවත් ඔහු හදිසි මහ මැතිවරණයකට යන්න වැඩි කැමැත්තක් දැක්වීය. හේතුව තමාගේ බෙල්ල දීමට හෝ හොරාට කලින් මුට්ටිය දමා බැලීම හොඳ යැයි ඔහු හිතපු නිසා විය හැකිය. 2015 හදිසියේ ජනාධිපති වූ මෛත්‍රිපාලත් මේ විදියටම හිතුවේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිට වසර හතරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට තහනමක් පනවා තිබියදීත් ඔහු ව්‍යවස්ථාව මායිම් නොකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මහ මැතිවරණයකට කලින් ජනාධිපතිවරණයකට මුහුණ දීමට තිබුණු බය නිසාය. ඔහුට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ආසාවක් තිබිණි. බයක්ද තිබිණි. විජේතුංග හිතුවේ තමා ජනාධිපතිවරණයකට ගියොත් පක්ෂයේ ප්‍රේමදාසවාදීන් තමාව පරාජය කරයි කියන බයය.

මෛත්‍රිපාලට තිබුණේ තමන් හදිසි ජනාධිපතිවරණයකට ගියොත් තමාව ජනාධිපති කළ යූ.ඇන්.පී.ය තමන්ව පරාජයට පත් කරයි කියන බයය. අද ගෝඨාභයටත් ඒ බය තියෙනවාද දන්නේ නැත. ‘මම ජනාධිපති වෙලා නුඹලාව දිනෙව්වා. ඒත් නුඹලාට මාව දෙවැනි පාරට ජනාධිපති කරන්න වුවමනාවක් නැහැ නේදැ’යි ගෝඨාභය හිතින් ප්‍රශ්න කරගන්නවාද දන්නේ නැත. මෛත්‍රි හිතුවා මෙන් ගෝඨාත් ‘දෙන්නම්කෝ මම උඹලාට සබ්බුව’ කියා හදිසි මහ මැතිවරණයකට යන්න මාන බලනවා විය හැකිය. මේ අනුව බලන විට පළාත් පාලන, පළාත් සභා ඡන්දවලට පෙර හදිසි මහ මැතිවරණයක් එන බව නම් ඔහුගේ කතාවෙන් සහතික කොට කිව හැකිය. ඔහුගේ හිතෙහි හදිසි ජනාධිපතිවරණයක් ගැන අදහසක් තියේ නම් ඔහු එක් පුද්ගලයකු ගැන කතා කරනවා මිස පිරිසක් ගැන කතා කරන්නේ නැත.

තුන්වැනි රහස ඊළඟ මහ මැතිවරණයෙන් හෝ ජනාධිපතිවරණයකින් සමගි ජන බලවේගය බලයට එන බව ඔහු සක් සුදක් සේ දැන සිටී. පරණ කට්ටියටම දෙන්න එපා කියා ඔහු කියන්නේ සමගි ජන බලවේගය ගැනය. ඔහු හමුදා නායකයෙක් නිසා දැඩි සේ බුද්ධි අංශ වාර්තා මත විශ්වාසය තබන්නෙකි. බුද්ධි අංශ වාර්තාවලට අනුව සමගි ජන බලවේගය ඊළඟ ඡන්දයෙන් දිනන බව ඔහුට දැනෙනවා විය යුතුය. ඔහු සමගි ජන බලවේගය ගැන දැඩි තරහකින් කතා කරන්නේ සමගි ජන බලවේගය ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය සුනු විසුනු කර දමා ඇති බව පිළිගනිමින්ය. තමා බලාපොරොත්තු වුණේ මෙවැනි විපක්ෂයක් නොවේ යැයි ඔහු කියයි. ඒ කියන්නේ ඔහු බලාපොරොත්තු වී ඇත්තේ හීලෑ විපක්ෂයකි. ඒත් වසර දෙකක් තුළ වාර්තාගත ජනාධිපති ජනවරමක් සමග අසීමිත බලතල සියතට ගත් තමාවත්, තමාගේ තුනෙන් දෙකේ ආණ්ඩුවත් සමගි ජන බලවේගය විසින් බිමටම සමතලා කර ඇති බව ඔහු පිළිගෙන ඇත.

ඔහුගේ මේ කතාව සජිත් ප්‍රේමදාස පණ නැහැ කියන, සමගි ජන බලවේගය පක්ෂයක් නොවේ කියන, විපක්ෂය දුර්වල යැයි කියන පණ්ඩිතයන්ට හොඳ උත්තරයකි. සජිත්, ගෝඨා එක්ක ඩීල් දමලා යැයි කියන බක පණ්ඩිතයන්ට හොඳ උත්තරයකි. ඔහු සජිත් සහ සමගි ජන බලවේගය බලයට එන බව දැන ඒ ගැන තැතිගැන්මකින් ඉන්නා බව පැහැදිලිය. පරණ කට්ටියට දෙන්න එපා කියා ඔහු කියන්නේ ජේ.වී.පී. එකට දුන්නත් සමගි ජන බලවේගයට දෙන්න එපා කියාය. ඔහුට ජ.වි.පෙ. බලයට ආවාට කමක් නැත. ඔහු බය සමගි ජන බලවේගයටය. ඉදිරි මහ මැතිවරණයකින් සමගි ජන බලවේගය බලයට ආවොත් තමන්ට ජනාධිපති ධුරය දමල ගහල ගෙදර යන්න සිදුවෙන බවත්, ජ.වි.පෙ.ත් තරමක ආසන සංඛ්‍යාවක් ගතහොත් තමාට ඊළඟට හදන ආණ්ඩුව අච්චාරුවක් කිරීමට හැකි බවත් ඔහු දන්නවා විය යුතුය. පරණ කට්ටියට දෙන්න එපා යැයි ඔහු කෑමොර දෙන්නේ ඒ නිසා විය යුතුය. විපක්ෂයේ සිට සමගි ජන බලවේගය තමන්ට ආණ්ඩු කරන්න නොදෙනවා නම් ආණ්ඩුවට ආවොත් තමාගේ ජනාධිපතිකමට අත්වන ඉරණම ඔහු හදවතින්ම හඬගා කියයි.

සජිත් පණ නැහැ, සමගි ජන බලවේගය විකල්පය නෙවෙයි, විපක්ෂය දුර්වලයි කියන බක පණ්ඩිතයොත් මේ වසර දෙකට ගෝඨාභයවත් ආණ්ඩුවත් මුණින්තලා වට්ටවා ඇති බව දනී. මේ බක පණ්ඩිතයෝ පසුගිය මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ පිනට තනතුරු ගෙන, තම තමන්ගේ ප්‍රතිරූප හදාගත් ආණ්ඩුව ආරක්ෂා කරන්න වැඩක් නොකළ කොළ පාටත්, යූ.ඇන්.පී.යත් අරහං පිරිසක්ය. රනිල්, තමාගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කරගන්න යූ.ඇන්.පී.කාරයන් කොන් කර ළඟට ගත්තේ ඔවුන්වය. යූ.ඇන්.පී.කාරයෝ දරදිය ඇද්දාහ. ඔවුහු රනිල්ගේ පිහිටෙන් තනතුරු ගත්හ. සජිත් යූ.ඇන්.පී.කාරයන්ට දැඩි සේ ආදරය කරන බව ඔවුන් දනී. ඔහු හැම පක්ෂ සම්මේලනයේම කතා කළේ දරදිය අදින යූ.ඇන්.පී.කාරයන් ගැනය. දේශපාලන පලිගැනීමට ලක්වූ යූ.ඇන්.පී.කාරයන් ගැනය. කැපුවත් කොළ යූ.ඇන්.පී.කාරයන් යූ.ඇන්.පී.ය අතහැර සජිත් පසුපස ආවේ ඔහු තමන්ව බලාකියා ගන්නා බව දන්නා නිසාය. සජිත් ආවොත් තමන්ට ඒ ආණ්ඩුවේ තනතුරු ලැබෙන්නේ නැති බව මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ තනතුරුවල වැජඹුණු අය දනී. ඉතින් සජිත් පණ නැහැ, සමගි ජන බලවේගය විකල්පය නොවේ, විපක්ෂය දුර්වල යැයි කියා ඔවුන් නාහෙන් අඬන්නේ තමන්ට තනතුරු ගන්න, තමන්ට පාලනය කළ හැකි නායකයෙක් සහ සන්ධානයක් හදාගන්නටය. රනිල් ඔවුන් කියන දේ නොඅසා ඔවුන් වටකර නොගෙන යූ.ඇන්.පී.කාරයා කෙරෙහි විශ්වාසය තැබුවා නම් රනිල් ජනාධිපති වෙලා බොහෝ කල්ය.

සජිත් ඒ ගොන් වැඩේ කරන්න යන්නේ නැත. ඒ නිසා ඔහුට වටකර පහර දෙයි. කොයි තරම් පහර දුන්නත් මිනිස්සු ඉන්නේ තමන් එක්ක බව පහුගිය සති කිහිපයේ පැවැති විරෝධතාවලින් පෙන්නුම් කළේය. ඇත්තටම කොරෝනාවලින් වැඩිම අවාසිය විපක්ෂයටය. එයිනුත් වැඩි අවාසිය සජිත්ටය. සජිත් කොළඹ සිට කාර්යාලයට බක පණ්ඩිතයෝ ගෙන්වා ගෙන ආණ්ඩු හදන්න හීන මාලිගා හදන අයෙක් නොවේ. ඔහු ගමට ගොස් ගමේ මිනිසුන් එක්ක දේශපාලනය කරන අයෙකි. කොරෝනා නිසා ඔහුට මිනිසුන් අතරට යන්න බැරිව ඔහුගේ අත්තටු කපා තිබිණි. දැන් ඔහු යළි මිනිසුන් එක්ක ගේම පටන්ගෙන තිබේ. මිනිසුන් එක්ක ඩීල් එක දමන්න පටන්ගෙන තිබේ.
ගෝඨා පරණ උන්ට දෙන්න එපා යැයි කෑමොර දෙන්නේ ඒ නිසාය.

‘ගෝඨා තව අවුරුදු හයක් අදිනවා. නාමල් ඉතිරි අවුරුදු හයත් අදිනවා. සජිත්ට අවුරුදු 15ක් වත් බලන් ඉන්න වෙයි…’

2019 ජනාධිපතිවරණයට සහ 2020 මහ මැතිවරණයට පසු මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ ලොකු ලොකු තනතුරු ගත් බක පණ්ඩිතයෝ ඔහොම කිය කියා රටින් යන්න ගියහ. තම තමන්ගේ වැඩක් බලාගත්හ. සමහරු ආණ්ඩුවත් එක්ක ඩීල් දමාගත්හ. මීට කලකට පෙර ගෝඨා ගම සමග පිළිසඳරේදී කීවේ තමාට තව අවුරුදු 8ක් ඇති බවය. ඔහු කීවේ දෙවැනි නිල කාලයත් එකතු කරලාය. ඒත් අද ඔහු කියන්නේ තමන් අසාර්ථක වුණොත් පරණ පිරිසකට බලය දෙන්න එපා කියාය.

ඒ විතරක් නොවේ. ස.ජ.බ.ය කොළඹ තියන්න යන උද්ඝෝෂණය කොරෝනා ගැසට් එකක් හරහා නතර කර තිබේ. ඒ කියන්නේ ගෝඨාත්, ආණ්ඩුවත් බයවී ඇත්තේ මේ උද්ඝෝෂණයටය. ඒ කාලේ විපක්ෂයට තිබුණේ ගෝඨා බයය. දැන් ගෝඨාගේ ආණ්ඩුවට හැදී ඇත්තේ සජ-බයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අපට කරදරයක් වුණා! සිදුවූ අපහසුතාවයට කනගාටුව!

Next Post

බජට් එකෙන් අරක්කු නගින්නේ මෙහෙමයි!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.