• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ-මහින්දගේ පණිවුඩය අරන් නාමල් යාපනේ-කිලිනොච්චි යයි (PHOTOS)

November 9, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨාගේ-මහින්දගේ පණිවුඩය අරන් නාමල් යාපනේ-කිලිනොච්චි යයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව, ජනාධිපති කාර්‍යසාධක බළකායේ අනුමැතියෙන්, අග්‍රාමාත්‍ය කාර්‍යාලය හරහා ක්‍රියාත්මක වන “ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනේ” තවත් එක් අදියරක් ඊයේ (08) යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් දෙකම ආවරණය වන පරිදි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සකස් කිරීම මූලික කරගෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය ගමට ගෙන යාම මෙම වැඩසටහන මූලික හරය වේ.

එහිදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් රැස්වූ ” සමාජීය යටිතල පහසුකම් කමිටුව” විසින් යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් දෙක සදහා අමාත්‍යාංශ විසින් ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නිළධාරීන් දැනුවත් කරන ලදි.

නිළධාරීන් විසින් දිස්ත්‍රික්කය තුළ පවතින ගැටලු ඉදිරිපත් කළ අතර, අදාල අමාත්‍යාංශය හරහා එම ගැටලුවලට එම මොහොතේදී පිළිතුරු ලබා දෙන ලදි.

කිලිනොච්චිය දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු කඩිනමින් සම්පූර්ණ කරන බව එම මොහොතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉදිකිරීම් අවසන් කර නොමැති සියලුම ක්‍රීඩාංගණ ඉදිරි වසර කීපය තුළ වැඩ නිම කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බාර දෙන බවයි.

රටේ ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීම සදහා මධ්‍යස්ථානයක් ඇති කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන් අමාත්‍යවරයා තරුණ තරුණියන්ට බහුකාර්‍ය තරුණ මධ්‍යස්ථාන පිහිටුවීමට වැඩසටහනක් ක්‍රියාත්මක බව දැනුම් දෙනු ලැබීය.

එම මධ්‍යස්ථාන තුළ එළිමහන් ශරීර සුවතා ඒකකයක්, ඇවිදීමේ මංතීරුවක්, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක ඒකකයක්, ආපනශාලා වැනි පහසුකම් ඇති කර පවුලේ සැමට එකතු වී ක්‍රීඩා කළ හැකි, නිදහසේ කාලය ගත කරන්න හැකි පරිදි සකස් වන බව පෙන්වා දෙන ලදි.

එමගින් තරුණ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වළක්වාගැනීම, පවුලේ සැම එකව සුහදතාව වර්ධනය කර ගැනීම මෙන්ම දෛනික ව්‍යායාම කටයුතු තුළින් ශරීර සුවතාව පවත්වාගෙන යාමට මනා පිටුවහලක් වනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම සංවර්ධන කමිටු සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී.එච්.එම්. චාල්ස් මැතිනිය, යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මැතිතුමා, කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මැතිතුමා සහ ලසන්ත අලගියවන්න, ප්‍රියංකර ජයරත්න, පියල් නිශාන්ත, සිසිර ජයකොඩි, අංගජන් රාමනාදන් ,සී.වී. විග්නේෂ්වරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සුබ්‍රමනියම් සිරිදරන්, එම්.ඒ.සුමන්දිරන් ඇතුළු මැති ඇමැතිවරුන් සහ යාපනය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් බොහෝ නිලධාරීන් සහභාගි වී සිටියහ.

SendShareShare
Previous Post

හිරගෙදර පොකුර 72ට නගී

Next Post

සෙලින්කෝ ලයිෆ් 20 වැනි ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper