කොරෝනා වයිරසය සමස්ත ලෝකයටම අතිභයානක තර්ජනයක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පළමුවරට අනතුරු ඇගවීමක් කර ඇත.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ජිනීවා නුවරට රැස්වී කළ සාකච්ජාවකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
දෙදිනක් පුරා පැවැති මෙම සාකච්ජාවට ලොව පුරා විසිරී සිටින විද්‍යාඥයන් 400ක් පමණ සහභාගී වී ඇත.
ඒ අනුව මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් 01 දින පළමු කොරෝනා රෝගියා චීනයේ වූහාන් නුවරින් සොයා ගත් අතර මේ දක්වා ගෙවුණු කාලය තුළ ලෝකයේ රටවල් 25කින් කෙරෝනා රෝගීන් 45,000ක් වාර්තා වී ඇත.
මියගිය සංඛ්‍යාව 1100ද ඉක්මවා ගොස් තිබේ.










