ලබන 26 වැනිදා ගොවි ජනතාව විසින් පාර්ලිමේන්තුව වැටලීමට තීන්දු කර ඇති බව මාධ්‍ය අනාවරණය කරයි.
අද දිනයේදී හරියානා ප්‍රාන්තයේ පැවැති ගොවි රැස්වීමකදී මෙම තීන්දුව ගත් බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කොට ඇත.
ගොවි ඉඩම් සම්බන්ධයෙන් පසුගිය කාලවකවානුවේදී ඉන්දීය මධ්‍යම රජය ගත් තීන්දුවලට එරෙහිව ගොවි ජනතාව දැඩි විරෝධය පළ කළ අතර එක් අවස්ථාවකදී අධිවේගී මාර්ගයන් පවා වසා දමමින් මෙම උද්ඝෝෂණ සිදු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඒ අනුව අද පැවැති රැස්වීමේදී ලබන 26 වැනි දින ඉන්දීය පාර්ලිමේන්තුව වැටලීමට ඉන්දීය ගොවි ජනතාව තීන්දු කර ඇත.









