ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති ඇෆ්ගනිස්ථාන -නවසීලන්ත තරගය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර අබුඩාබි ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතිලි භාරකරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ ඔහුගේ මරණයට හේතුව අනාවරණය වී නොමැති බවයි.
කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ තරගයේ තණතිල්ල වියලි ලෙස සකසන ලෙසට ඉන්දියාව පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබූ බවකි.










