• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලය තියෙන්න‌ේ ජනාධිපතිටද-පාර්ලිමේන්තුවටද-‌කොමිසමටද? ජනාධිපති නීතීඥ උපුල්ගේ නීතිමය විග්‍රහය ‌මෙන්න

April 14, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
බලය තියෙන්න‌ේ ජනාධිපතිටද-පාර්ලිමේන්තුවටද-‌කොමිසමටද? ජනාධිපති නීතීඥ උපුල්ගේ නීතිමය විග්‍රහය ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

‘දොරකඩ මාරාව’ නොහොත් තමන්ගේ ගෙදර දොරකඩ ඉදිරියෙහි මාරයා දත් විලිස්සාගෙන සිටින හැටි අද අපේ ඇස් පනාපිටම පේනවා. ඒකයි කියන්නේ ගෙදරින් එළියට බහින්න එපා කියලා. ‘දොරකඩ මාරාව’ කියන තිගැස්සෙන වදන යොදලා තිබුණේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ වසන්ත ඔබේසේකාරයන්ගේ චිත්‍රපටයකයි. ඉංග්‍රීසියෙන් මේ කතාව කියලා තිබුණේ ‘ඩෙත් ඇට් ද ඩෝර්ස්ටෙප්’ යනුවෙනුයි. එදා වසන්ත ඔබේසේකරයන් කියූ මාරයා නෙවෙයි අද අපේ දොරකඩ ඉන්නේ. මේ ඉන්නේ මාරයන්ගෙත් මාරයා.
අද අපේ රටත් ගිනි ජාලාවක් බවට පත් කරලා තිබෙන ‘කොරෝනා මාරයා’ නිසා ‘ධූරීභූත’ වෙලා ගියපු අපූරු කටයුත්තකුත් තිබුණා. ඒ තමයි අපි කවුරුත් දන්නා මහමැතිවරණය. කොරෝනා යක්‍ෂයාට බියෙන් අද මහ මැතිවරණය ආගිය තැනක්වත් සොයා ගන්න බැහැ. මහා මේඝයකට අහුවෙලා ඒක පාවෙලා ගිහින්. ඒත් මේ මහමැතිවරණයේ වගතුග අපට නිකම්ම අල්ලලා දාන්න පුළුවන් එකක් නෙවෙයි. දැනට මහඡන්දයක් ගැන අපි වදනක්වත් කතා නොවුණත්, කොරෝනා වසංගතය නිසා ඉදිරියේදී රටේ ආර්ථික, මූල්‍යමය සහ සමාජයීය කටයුතු සඳහා නිසි දේශපාලනික ස්ථාවරභාවයක් තිබීමත් වැදගත් වෙනවා. එසේම එය අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් ලෙසද සැලකිය හැකියි. ඒ හෙයින් දැනට අතුරුදන්ව ඇති මහමැතිවරණය ගැන වැදගත් තොරතුරු කිහිපයක් කතා කිරීමට නෛතික ක්‍ෂේත්‍රයේ මෙන්ම දේශපාලනික ක්‍ෂේත්‍රයේද විද්වතකු හමුවී කතාබස් කළෙමි. ඔහු තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා.

වත්මන් ජනාධිපතිතුමා මුලින් දැඩි ස්ථාවරයක සිටියා මහමැතිවරණයක් පැවැත්විය යුතුය කියලා. එහෙත් කොරෝනා තත්ත්වය උග්‍ර වන විට ඔහු එම මතය නැවැත ප්‍රකාශ කළේ නැහැ. කෙසේ හෝ පසුව මැතිවරණ කොමිසම තීරණය කළා මහමැතිවරණය පවත්වන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එය ඉදිරියට කල් දානවා කියලා. ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද?
ඔව්. මුලින් ජනාධිපතිතුමා එවැනි ස්ථාවරයක සිටියා. ඒත් පසුව ඔහු එම තත්ත්වයෙන් බැහැර වුණු බවක් දක්නට ලැබුණා. කෙසේ හෝ දැන් මහමැතිවරණය කල් ගියා. මෙතැනදී මෙන්න මෙහෙම ක්‍රියාවලියක් සිදුවෙනවා. මැතිවරණ පැවැත්වීම සඳහා ජනාධිපතිතුමා විසින් නිකුත් කළ මුල් ගැසෙට්ටුව ගැන සිතන්න. මේ ගැසෙට් එකට අනුව මහමැතිවරණය පැවැත්විය යුතුයි කියලා කියනවා. ඒත් මැතිවරණ පනතේ 24 වැනි වගන්තියට අනුව මැතිවරණ කොමිසමට බලය තිබෙනවා රටේ යම් හදිසි තත්ත්වයක් යටතේ මැතිවරණ කල් දාන්න. නමුත් ඒ කොපමණ කල් දැමීම් කළත් එය අර ජනාධිපතිතුමාගේ මුල් ගැසෙට්ටුවේ තිබෙන නියෝගයන් උල්ලංඝනය වන ආකාරයෙන් සිදු කරන්නට බැහැ. මේ ගැසෙට් එකේ විශේෂයෙන් සඳහන් වෙනවා කාල වකවානු කිහිපයක් ගැන. පළමුව පාර්ලිමේන්තුවේ රැස්වීම මෙදිනට පවත්වන්න ඕනෑ කියලා එහි සඳහන් වෙනවා. ඒ නිසා මෙම කරුණු වෙනස් කරන්න මැතිවරණ කොමිසමට හැකියාවකුත් නැහැ. ඒ නිසා අපි මේ විශේෂ ගැසෙට්ටුවේ කරුණු අධ්‍යයනය කළ යුතුයි.
ඔබ කියන ලෙස එවැනි ගැසෙට්ටුවක තිබෙන බලතල අද රටේ තිබෙන වත්මන් තත්ත්වයකදී බලාත්මක වෙනවාද? අනෙක ඔය ගැසෙට්ටුව අහෝසි කරමින් වෙනත් ගැසෙට්ටුවක් ප්‍රකාශයට පත්කළ යුතුයි නේද?
ඔව්. එසේ සිදුකරන්නට වෙනවා. මම දන්නා තරමින් දැන් ජනාධිපතිතුමා මේ තත්ත්වය ගැන නීතිපතිතුමාගෙන් උපදෙස් ලබාගෙන, කලින් නිකුත් කළ ගැසෙට්ටුව වෙනස් කිරීමට කටයුතු කරන්න යනවා. එම සංශෝධනය අනිවාර්යයෙන් කළ යුතුයි. එනම් අවම වශයෙන් දින, වකවානු වෙනස් විය යුතුයි. මැතිවරණය සඳහා අලුත් දින ලබා දිය යුතුයි.
එවැනි තත්ත්වයක් යටතේ දැන් ලබාදී තිබෙන නාම යෝජනා අහෝසිවීමක් සිදුවෙනවාද?
ඔව්. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැනට ප්‍රකාශයට පත්කරලා තිබෙන ගැසෙට්ටුව අවලංගු කළාම නාම යෝජනාද අහෝසි වන්නට පුළුවන්. ඒ මොකද එම ගැසෙට් පත්‍රයෙන්ම තමයි නාම යෝජනා ලබාදීමේ ක්‍රියාවලියත් සිදුකරලා තිබෙන්නේ. නාම යෝජනා සඳහා කාල වකවානු ලබාදී තිබුණේත් මේ ගැසෙට්ටුවෙන්ම තමයි. නාම යෝජනා නැවැත බලාත්මක කිරීම සිදු කළ හැක්කේ නව ගැසෙට්ටුවක් තුළින් පමණයි. මේ ගැසෙට්ටුවට පිටින් ගිහිල්ලා කිසිම දෙයක් හිතූමනාපයට කරන්න බැහැ.

එතකොට ඔබ කියන ආකාරයෙන් ඔය ගැසෙට් පත්‍රය හරහාද සියලු තීන්දු, තීරණ දෝලනය වන්නේ?
ඔව්. මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය කල් තැබීමට ගත් තීරණය පවා ක්‍රියාත්මක කළ හැකි වන්නේ මෙම ගැසෙට්ටුවේ ඇතුළාන්තයෙන් බලන කොටයි. ඒ අයට ගැසෙට් එකට පිටින් ගිහිල්ලා එම තීරණය පවා ගන්න බැහැ. මෙම තත්ත්වය ගැන මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන්ද උපදෙස් ලබා ගනිමින් කටයුතු කරනවා. කෙසේ හෝ ඉදිරි නව ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම ගැසෙට්ටුව අහෝසි කරලා අලුත් එකක් ගේන්න ඕනෑ. නැත්නම් සංශෝධනයකට ලක්කරන්න වෙනවා.
ඔබ ඔය කියන ආකාරයට මේ රටේ කොරෝනා ව්‍යසනය තිබුණත්, ඉදිරි යම් කාලවකවානුවක් ඇතුළතදී මහමැතිවරණය පැවැත්වීමට කටයුතු සිදුකෙරීගෙන යනවද?
ඔව්. අපිට එහෙම සිතන්න පුළුවන්.
දැන් නැවැතිලා තිබෙන මහමැතිවරණය කොපමණ කාලයකට කල්දැමීම කළ හැකිද?
කල් දාන්න පුළුවන් අර ගැසෙට් පත්‍රයේ තිබෙන කාල වකවානු ඇතුළතදී පමණයි. එම දිනවලින් පිටත කිසිවක් කරන්න බැහැ. පළමු වැනි පාර්ලිමේන්තුවේ රැස්වීම තියන්න ඕනෑ දින සඳහන් කරලා තියෙනවා. ඒත් මැතිවරණය ඊට ප්‍රථමව තියන්න ඕනෑ. ඒත් ඒකට නිශ්චිත කාලයක් තවම නැහැ. එසේම එහෙම කාලයක් තීරණය කිරීමද තවම ඉතාම අවිනිශ්චිතයි. දැන් මහමැතිවරණයට සුදුසු කාල සීමාව තීරණය කළ යුත්තේ වෛi ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් විසිනුයි. දැන් තිබෙන තත්ත්වය යටතේ රජය මේ ප්‍රශ්නය පිළිබඳව වෛi විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගත යුතුයි. එය අනිවාර්යයෙන් කළ යුත්තක්. ඔවුන්ට පිටින් තීරණ ගන්න බැහැ.
දැනට තිබෙන තත්ත්වයන් යටතේ මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි බලතල ඇත්තේ ජනාධිපතිවරයාටද? එසේත් නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවටද?
මැතිවරණ කොමිසමට බොහෝ විට බලතල ලැබෙන්නේ ජනාධිපතිතුමාගේ නියෝගයන් ක්‍රියාත්මක කිරීමේදී පමණයි. මැතිවරණ පනතේ 24-1 වගන්තිය යටතේ පවා මැතිවරණ කොමසාරිස්තුමාට මැතිවරණය කල් දැමීමට බලයක් ලැබුණේ නාම යෝජනා බාර දීමෙන් පසුවයි. ඊට පෙර මැතිවරණය කල් දැමීමේ බලයක් හිමිවුණේ නැහැ. කෙසේ හෝ මැතිවරණය කල් දැමීමේ බලතල මැතිවරණ පනතට අයත් වෙනවා. එසේම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමාටත් බලයක් තිබෙනවා පාර්ලිමේන්තුව කැඳවීමට. 21-7 වගන්තිය යටතේ ජනාධිපතිතුමාට මේ බලය සහ ප්‍රතිපාදන හිමිවෙලා තියෙනවා.

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ කාලය මෙම 2020 අගෝස්තුව දක්වාම බල පැවැත්වෙනවා. එහෙත් වත්මන් රජය ආණ්ඩුව විසුරුවා හැරලා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළා. මේ කොරෝනා වසංගතය අගෝස්තු වැනි කාලයක් පුරාවටම පැවැතියහොත් මෙම දේශපාලනික වාතාවරණයට මොකද වෙන්නේ?
21-7 ව්‍යවස්ථා වගන්තිය යටතේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමාට බලතල තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය පවා අවලංගු කිරීමේ බලතල ඔහු සතුව තිබෙනවා. එක ගැසෙට් පත්‍රයකින් එය කරන්නට පුළුවන්. ඒත් එවැනි තීරණයකට එනවා දැයි මම දන්නේ නැහැ. මේ අවස්ථාවේ සෑම කෙනෙක්ම කිසිම පක්‍ෂ භේදයකින් තොරව මෙම ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඕනෑ. අපි මනඃකල්පිතව හිතමු මෙම අගෝස්තු වෙනකම්ම මහමැතිවරණය පවත්වන්න නොහැකි වෙනවා කියලා. එතකොට පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ? පාර්ලිමේන්තුව රැස්වීමෙන් විවිධ තීන්දු තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා. යම් හෙයකින් අගෝස්තු වෙනකම් පාර්ලිමේන්තුව පවත්වන්නේ නැතිනම් මේ පාර්ලිමේන්තුවට එතැනින් එහාටත් දීර්ඝ වෙන්න ඕනෑ. ඒක කරන්න මේ තිබෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් නැහැ. එහෙත් එම කටයුත්ත අවශ්‍ය නම් ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් සිදුකළ හැකියි. රටේ තිබෙන වාතාවරණය තේරුම් අරගෙන සියලු පක්‍ෂවල භේදයකින් තොරව මේ අවස්ථාවන්ට මුහුණ දිය යුතුයි. ඒ අතරම ජනාධිපතිතුමා සතු පූර්ණ බලතල සහ ප්‍රතිපාදන ගැනද අවධානය යොමු කළ හැකි වෙනවා. ඉදිරියේදී රජයට බලපානු ලබන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙනවා. එනම් මෙම අප්‍රේල් 30 වැනිදායින් පසුව මෙම රජයට මුදල් වියදම් කිරීම ගැන ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා. මෙය ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් සහ පාර්ලිමේන්තුවේ අවසරයක් නැතිව එදායින් පසුව මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මෙම තත්ත්වය ඉතාම අර්බුදකාරියි. එහෙත් මේ අවස්ථාවේ වෙන කළ හැකි දෙයක් නැහැ.
මේ ඛේදජනක කොරෝනා වසංගතය අවස්ථාවේදී කාලයකට මේ මැතිවරණය අහෝසි කරලා දාලා, ඒවාට වියදම් කරන මහා ධනස්කන්ධය කොරෝනා වසංගතය මර්දනයට යොදා ගන්නට හැකිය කියලා ජනතා මතයක් තිබෙනවා නේද?
එහෙම මතයක් ජනතාවාදීව ඇතිවන්න පුළුවන්. ඒත් ඒක නිසි තර්කානුකූල නෛතික එකක් නෙවෙයි. මැතිවරණයක් කියන්නේ මහජනතාවගේ සර්වජන ඡන්දය භාවිත වන අවස්ථාවක්. ඒ කටයුතුත් නිසියාකාරයෙන් සිදු වෙන්න ඕනෑ. එහෙත් දැන් එයට කාලය නෙවෙයි. කොරෝනා ප්‍රශ්නය නිසා මැතිවරණ අඩපණ වුණා. ඒකට කරන්න දෙයක් නැහැ. එහෙත් මැතිවරණයට වියදම් වන මුදල් කොරෝනා සඳහා වැය කරන්න ඕනෑ කියන එකේ තර්කයක් නැහැ. එහෙත් මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන්. මීට පස්සේ පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට වැටුප් සහ කෝටි ගණන්වල වාහන බලපත්‍ර දෙන්නට අවශ්‍ය නැහැ. ඒවායින් රජයට මුදල් ඉතිරිකර ගන්නට පුළුවන්. මටත් ජාතික ලැයිස්තුවට ආරාධනාවක් ලැබුණා. ඒත් මම ඒ ඉල්ලීම උපේක්‍ෂාවෙන් ප්‍රතික්‍ෂේප කළා. මේ වෙලාවේ ස්වාධීනව සිටීම ඊට වඩා හොඳයි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ විජේවීරගේ සහෝදරයා මතුවෙයි

Next Post

ගිනි වළල්ල මැදට පැනලා ගහපු TASK FORCE ඔපරේෂන් BR

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.