ලංකාවේ භාවිත කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ සංයුතිය බරපතළ ලෙස වෙනස් කිරීමකට බදුන් කොට ඇති බවත් එම තත්ත්වය යටතේ ගෑස් සිලින්ඩරයක් ගෙදර තබාගෙන සිටීම යනු බෝම්බයක් ගෙදර තබාගෙන සිටිනවා හා සමාන කටයුත්තක් බවත් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.
තැන තැන ගෑස් සිලින්ඩර් පුපුරා යාමට හේතුව එය බවත් ඒ මහතා කීය.
මෙම නීති විරෝධී ක්‍රියාවට ලිට්‍රෝ සහ ලාෆ්ස් යන ගෑස් සමාගම් දෙකම වගකිව යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
තමන් මෙය අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් දෙදෙනාටම ඉකුත් මැයි මාසයේ දැනුම් දුන්නද ඔවුන් එය ගණනකට නොගත් බවද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
එය මිනීමැරුමකට අනුබල දීමක් බවද හෙතෙම කියා සිටියේය.










