ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම තහනම ඉවත් කිරීම සිදු කර ඇත.
ඒ අනුව පලිබෝධනාශක වර්ග පහක් තහනම් කරමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අහෝසි වෙයි.
තහනම ඉවත් වන පලිබෝධ නාශක වර්ග වන්නේ ගල්යිපොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කිබොෆියුරාන්, ක්ලොෆයිරිෆොස් යන ඒවාය.










