හැඳල පිහිටි රජයේ ලාදුරු රෝහල සහ මඩකලපුව විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජිතයකු වූ නිමල් ලන්සා සහ හිටපු ආණ්ඩකාරවරයකු වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා දැඩි විරෝධය පළ කොට ඇත.
මෙහිදී ලන්සා මහතා ඊට විරෝධය පළ කරමින් කිසිසේත්ම හැඳල පිහිටි ලාදුරු රෝහල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කරලීමට ඉඩ නොතබන බව කියා සිටි අතර හිස්බුල්ලා මහතා මේ වනවිට මඩකලපුවේ අත්පත්‍රිකා බෙදා හරිමින් ආණ්ඩුවේ තීන්දුවට විරෝධය පළ කොට ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇතිි අතර ලංකාවද එම තත්ත්වයෙන් ගැලවීම සඳහා පියවර රැසක් ගෙන ඇත.
ඒ අනුව හැදල ලාදුරු රෝහල, මඩකලපුව විශ්ව විද්‍යාලය සහ කන්දකාඩුහි පිහිටි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කොට ඇති අතර අද (10) දින කොරියාවේ සිට පැමිණි ලාංකිකයන් 166 දෙනකු මඩකලපු විශ්ව විද්‍යාලය වෙත යොමු කිරීමටද පියවර ගෙන ඇත.
මීට අමතරව ඉන්දීය වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමටද ආණ්ඩුව පියවර ගෙන තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 3,800කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 110,000කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.










