තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාලාවල සිදුකරනු ලැබූ ද්වේෂ සහගත අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත.
පක්ෂ මහලේ්කම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණීලි කිරීමට වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ.
සහරාන් හෂීම්ගේ බිරියට ලක්ෂ 50ක් ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ලබා දී ඇති බව කියමින් කිසියම් පිරිසක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල පුවත් පළ කර තිබිණ.