අද (09) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 694ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30,072ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම අද දිනයේදී තවත් කොවිඩ් ආසාදන මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනය වන විට කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,128ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,800ක් වේ.










