කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (09) දිනයේ දී ඒකක 6,600 සීමාව ඉක්මවා ගිය අතර සිදුවූ ගනුදෙනු හරහා රුපියල් බිලියන 5.29 ක පිරිවැටුමක් වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි.
ඒ සඳහා වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනු හරහා ලැබී තිබුණු අතර එම අගය රු. බිලියන 1.57 ක් ලෙසින් සටහන් විය.
දිනය අවසානයේ දී එය ඒකක 6,605.09 ක් ලෙසින් සටහන් වූ අතර පෙර දිනයට සාපේක්ෂව ඒකක 41.09 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණි.
මීට අමතරව සාමාන්‍ය ගනුදෙනු හරහා දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් කොටස් ලෙසින් හේමාස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 332.23), සොෆ්ට්ලොජික් ලයිෆ් (රු. මිලියන 327.48), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 209.38) හා LOLC හෝල්ඩිංග්ස් (රු. මිලියන 203.58) දැක්විය හැකිය.










