කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 257 දෙනෙකු අද (07) දවසේ හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 13,227 දක්වා ඉහළ ගොස් තිබේ. .
එම සියලු ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ පොකුර 9,749 දක්වා ඉහළ ගොස් තිබේ.










