අද (19) දිනයේ කොවිඩ් මරණ 36ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සෟඛ්‍යාව 1,051ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 540 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,591ක් වේ.
එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.










