කඩිමුඩියේ පෝට් සිටි කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට කටයුතු නොකරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
අද (19) කොළඹ ධර්මායතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහ්සේලා මේ බව අවධාරණය කර සීටියහ.
මේ රට බාර ගත් අයුරින් ඉදිරියටත් රට බාර දීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේලා ඉල්ලා සිටියහ.
හදිසියේම මේ අයුරින් කෙටුම්පත සම්මත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැක මතුවන බවද උන්වහන්සේලා කියා සිටියහ.










