කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වී ඇති බවට පැතිරී යන ප්‍රචාර අසත්‍ය බවත්, එය යම් යම් ස්ථානයන්ට පමණක් සීමා වී ඇති බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඉතාමත් සීමිත ස්ථාන කිහිපයකදී පමණක් රෝගීන් වාර්තා වී ඇති බවත්, ඒ සියලුම රෝගීන් සහ ඒ ආශ්‍රිතයන් හදුනාගෙන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවත්ය.
එමෙන්ම කොරෝනා දෙවන රැල්ලක් පිළිබද තවමත් සලකුණු නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.










