කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ත්‍රිකුණාමල කන්තලේ අග්බෝගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළිව ඇත.
ඒ අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) දින කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් ජේ.එස්.ඩී.එම්. අසංක අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
මේ වන විටත් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර තවත් පවුල් 16ක පුද්ගලයින් 56 දෙනෙක් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
තවද අදාළ පුද්ගලයා සමඟ පළමුවන හා දෙවන සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 50 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණද අග්බෝගම සායනික මධ්‍යස්ථානයේ දී සිදු විය.










