ඉල්ලීම් කිහිපයක් මුල්කොටගෙන උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය, සංවර්ධන නිලධාරී සේවා සංගමය අද (14) දින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.
‘තවදුරටත් පීඩාවට පත් නොකොට සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙනු’, ‘2019 බඳවාගත් සියලූ උපාධිධාරීන් ස්ථිර කරනු’, ‘පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් රස්තියාදු නොකර රාජ්‍ය ආයතන වෙත විධිමත් පුහුණුවක් සඳහා අනුයුක්ත කරනු’ ආදී වැකි ඇතුළත් පුවරු ඔසවමින් මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබ තිබිණ.