කොවිඩ් –19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක සිදුකළ හැකි බවට යෝජනාවක් මීළඟ කොවිඩ් තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.
මෙම වයිරසය වැඩි කාලයක් මෘතදේහ තුළ නොපවතින බැවින් ඉදිරියේදී එය එතරම් ගැටලුකාරී තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසා තිබිණ.
පසුගියදා පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේ ජලය එකතු නොවන ක්‍රමවේදයකට මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය සඳහා සකස් කළ යුතු බවයි. එබැවින් වඩාත් සාර්ථක ක්‍රමවේදය මෙය වන බව වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පැවසීය.










