කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදීමේ මුල්ම පරීක්ෂණය සිදු කළ බව කියන ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් එහි 10 වාට්ටුය විෂබීජහරණය ට කටයුතු කර ඇති බවයි.
ආසාදිතයන් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයන් තිදෙනකු, සහ ගිණුම් අංශයේ නිලධාරිනියක් ද වෙයි.
කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදී මේ මුල්ම පරීක්ෂණය සිදු කළේ මෙම රෝහලේ දී බව ඒ මහතා පැවසූ අතර එහි ආසාදිතයන් 100%ක් සුව වූ බවද ඔහු පැවසීය.










