ගෝලීය ආපදාවක් බවට පත්ව ඇති කොරෝනා වසංගතය මෙරට සමාජ ව්‍යාප්තියක් දක්වා තවමත් වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
එහිදී ඇය සඳහන් කළේ ගෝලීය ආපදාවෙන් ආරක්ෂාවීම ජනතාවගේ වගකීමක් බවයි..
එමෙන්ම නවනිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ හුදෙක්ම ජනතාවගේ ආරක්ෂාව පිණිස බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කොට ඇත.










