එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කර ඇත.
ආණ්ඩුව තවමත් විධිමත් සැලැස්මකින් තොරව කටයුතු කරන බව එහිදී පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා වහාම සියලු පාර්ශ්ව ඒකරාශී කොට දේශපාලන වාසි නෙතකා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩුවන් ඉල්ලීමක් කර ඇත.










