කොරෝනා රෝගය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ආණ්ඩුව ඒ පිළිබද නොතකා ඒකාධිපති 20 වන සංශෝධනය සම්මත කර ගැනීමට සැලසුම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කළේය.
වත්මන් ආණ්ඩුව මේ වනවිට ජනවරම අවභාවිත කරමින් කටයුතු කිරීම ආරම්භ කොට ඇති බවද ඒ මහතා කීය.
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.











