සාක්ෂි තිබියදීත් ජනතා ජීවිත බිල්ලට දුන් අමාත්‍ය කෙහෙළිය රකින්නේ කවුද යන මැයෙන් අද (09) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධාන කර තිබූ විරෝධතාවට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන රැසක නියෝජිතයන් එක්ව සිටියා. (Sri Lanka Latest News)
එම නියෝජිතයන් එහිදී ඉල්ලා සිටියේ බරපතළ චෝදනා එල්ලවී ඇති කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.










