පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (09) පෙරවරු 08.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර බව පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ රුපියල් 35000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ රෝහල්වල රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තීකයින් සම්බන්ධ වී තිබේ.
රෝගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන වකුගඩු රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් සහ ළමා රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව පැවසීය.
මේ අතර වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට ඊයේ (08) කැබිනට් අනුමැතිය හිමිවිය.
රුපියල් 35000 ක් පැවති වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටීමේ සහ ප්‍රවාහන දීමනාව රුපියල් 70,000 ක් දක්වා වැඩි කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යන දීමනාව 25% කින් ඉහළ දමා තිබේ. එම දීමනාව ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතිබව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.










