කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගෙන්වූ බව කියන බාල ඖෂධ හේතුවෙන් ඇස් අන්ධ වූ සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ රෝගීන් පිරිසක් ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියා. (Sri Lanka Latest News)
තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන ලෙසයි ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේ.










