පාර්ලිමේන්තු කුස්සියේ සේවකයකුට උණ රෝගය වැළදී ඇති බවට වාර්තා වීමත් සමග අද (27) දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ උණුසුම් තත්ත්වයත් මතුව ඇති බව වාර්තා වේ.
ඒ සමගම ඇම්බියුලන්ස් රථයකින් මෙම සේවකයා රෝහල වෙත යැවීමට පියවර ගෙන ඇත.
මෙම තත්ත්වය තවත් උණුසුම් වී ඇත්තේ එම සේවකයා අද උදෑසන රැගෙන පැමිණි ත්‍රිරෝද රථ රියැදුරුගේ පී.සී.ආර්. පරීක්ෂණය මගින් හෙතෙම කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබීමය.
මේ තත්ත්වයත් සමග අදාළ සේවකයාගේ පීසීආර් පරීක්ෂණයක්ද සිදු කර ඇති අතර තවම එහි ප්‍රතිපල ලැබී නැත.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවට පුද්ගලයන් ඇතුල් කර ගැනීමේදී සියල්ලන්ගේම උණ පරීක්ෂාවක් සිදු කරන අතර මෙම සේවකයාගේද උණ පරීක්ෂා කර බැලීමට පියවර ගෙන ඇත.
එහිදී අදාළ සේවකයා උණ රෝගියකු ලෙස හසුනොවීම නිසා අදාළ උපකරණ සම්බන්ධයෙන්ද මේ වනවිට බරපතළ ප්‍රශ්න රැසක් මතු කර තිබේ.










