පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැර පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ අය හඳුනාගෙන නඩු පැවරිය යුතු බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සඳහා අරමුදල් සහ සැපයුම් සහය ලබා දුන් අයට එරෙහිව නඩු පැවරිය යුතු බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා පැවසීය.
ප්‍රහාරය සම්බන්ධයෙන් සමහරුන් අත්අඩංගුවට ගෙන ඇති නමුත්, විමර්ශන තවමත් අඛණ්ඩව සිදුවන බැවින් ඒ පිළිබඳව අදහස් දැක්විය නොහැකි බව පෙන්වා දුන් කාදිනල් රංජිත් අගරදගුරුතුමා, COVID-19 අර්බුදය හමුවේ ප්‍රහාරයේ පළමු සංවත්සරය ස්මරණය කරනු ඇති බවද කියා සිටියේය.
“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය අඛණ්ඩව පරීක්ෂණ පැවැත්වීම ගැන අපි සතුටු වෙමු. කෙසේ වෙතත්, ප්‍රහාරය ගැන දන්නා සහ ජනතාවට අනතුරු ඇඟවීමට අපොහොසත් වූ අය කලින් ගෙන්වා ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.. ”යනුවෙන් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පැවසීය.










