• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව මහජන්දෙට සූදානම්: යවපු ලියුම ‌මෙන්න: දිනය මැයි 23! කැම්පේන් කරන්නෙ ‌මෙහෙමයි… (රාජ්‍ය රහස්)

April 17, 2020
in Exclusive
Reading Time: 14 mins read
A A
ආණ්ඩුව මහජන්දෙට සූදානම්: යවපු ලියුම ‌මෙන්න: දිනය මැයි 23! කැම්පේන් කරන්නෙ ‌මෙහෙමයි… (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි ජනාධිපතිවරයා හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර ගැටුමකට තුඩුදෙන ආකාරයේ ලිපි ගනුදෙනුවක් සිදුව ඇති බව අනාවරණය කර සිටියෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ඉකුත් මාර්තු 31 වැනි දිනත්, අප්‍රේල් 01 වැනි දිනත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලියුම් දෙකක් යොමුකර ඇති බවත්, ඉන් පළමු ලියුමෙන් මැතිවරණය පැවැත්වීමේ කාල වකවානු පිළිබඳව නීතිපති අදහස් විමසන ලෙසත්, දෙවැනි ලිපියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසත් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති බවකි. මහින්ද දේශප්‍රිය විසින් මාර්තු 31 වැනි දින ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර තිබූ ලිපිය මෙසේය.

මැකො යවපු පළමු ලියුම

මැතිවරණ කොමිෂන් සභාව
ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා
ජනාධිපති ලේකම්

පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනය හා නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගරු ජනාධිපතිතුමා විසින් 2020 මාර්තු 02 වැනි දින නිකුත් කළ අංක 2165/8 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයින් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම නැතහොත් පාර්ලිමේන්තු මහමැතිවරණය 2020 අප්‍රේල් 25 දින පවත්වන ලෙස හා නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය 2020 මැයි 14 දිනය ලෙස නියම කර තිබිණි.

  • එසේ වුවද, covid-19 වෛරසයේ පැතිරීම හේතුවෙන් අප්‍රේල් 25 වැනි දින මැතිවරණය පැවැත්විය නොහැකි බව හා එම මැතිවරණය පැවැත්විය හැක්කේ මැයි මස 14 දිනයෙන් පසු දිනයක බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන ලදී.
  • මේ තත්ත්වය යටතේ එම පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය ලෙස නව දිනයක් ගරු ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රයකින් නිවේදනය කළ යුතුව තිබේ’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව එම දිනය පාර්ලිමේන්තුව 2020 ජුනි 01 දිනවත් රැස්විය යුතු වෙයි.
  • මෙසේ 2020 ජුනි 1 දින නව පාර්ලිමේන්තුව රැස්වීමට නම් මැතිවරණය 2020 මැයි 27 හෝ 28 දිනවලදී හෝ පැවැත්විය යුතු අතර, එසේ කිරීමට නම් මැතිවරණ මූලික සංවිධාන කටයුතු අප්‍රේල් 20 දිනවත් ආරම්භ කළ යුතුය. ඒ සඳහා මුළු දිවයිනටම ක්‍දඩසා-19 වෛරසයේ බලපෑම් ගණන්ගත නොහැකි තත්ත්වයකට පත්වී, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට හා සෙසු රජයේ නිලධාරීන්ටද, එයට අමතරව දේශපාලන ක්‍රියාකාරීන්ටද ස්වකීය කාර්යයන් බාධාවකින්, බියකින් තොරව සිදු කළ හැකි තත්ත්වයක් අප්‍රේල් 20 දින වන විට උදාවිය යුතුය.
  • අද 2020 මාර්තු 30 දින පවත්නා තත්ත්වය සලකා බලන විටදී අප්‍රේල් 20 දින මෙවැනි තත්ත්වයක් උදාවනු ඇතැයි අපේක්‍ෂා කිරීම යථාර්ථයක් නොවන බව බොහෝ දෙනකුගේ මතයයි.
  • ඒ අනුව යම් හෙයකින් තත්ත්වය සම්පූර්ණයෙන්ම යහපත් නොවුවහොත් මැතිවරණය මැයි මස අවසන් වීමට පෙර පැවැත්වීමට නොහැකි වනු ඇති අතර, ජුනි මස 02 දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි වීමෙන් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිරීක්‍ෂණය කරයි.
  • කරුණාකර මේ පිළිබඳව නොපමාව ගරු ජනාධිපතිතුමා දැනුම්වත් කරනු මැනවි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කාරුණික වන්නේ නම් වඩාත් සුදුසු බවද වැඩිදුරටත් දන්වා සිටිනු රිසියෙමි.

පැය 24ක් තුළ යැවූ ‌දෙවැනි ලියුම

මෙම ලිපිය මඟින් නීතිපතිවරයාගේ උපදෙස් විමසන ලෙස දැනුම් දී පැය 24ක් නික්ම යෑමට මත්තෙන් මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපතිවරයා වෙත තවත් ලිපියක් යොමු කළ අතර, එමගින් ඔහු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන ලෙසය. අප්‍රේල් 01 වැනිදා යොමු කළ එම ලිපිය මෙසේය.

මැතිවරණ කොමිෂන් සභාව
ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා
ජනාධිපති ලේකම්

පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනය හා නව පාර්ලිමේන්තු රැස්වීමේ දිනය

ඉහත කරුණ හා සබැඳි මගේ සමාංක 2020.03.31 දිනැති ලිපිය හා බැඳේ.

පසුගිය පැය විසිහතර තුළ covid-19 රෝගීන් වැඩි වූ සංඛ්‍යාව පිළිබඳව සලකා බලන විටදී හා වසංගත රෝග පාලනය පිළිබඳ විශේෂඥ මත අනුව මේ වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීම අප්‍රේල් මාසය තුළ සිදු කළ නොහැකි බව පැහැදිලිය.

එහෙයින් පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුළදී හෝ පැවැත්විය නොහැකි බවත්, එනිසා පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දින සිට මාස තුනක් ඉකුත් වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවත්, 2020.04.01 දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්‍ෂණය කරයි.

මේ නිසා ඇති වන ගැටලු විසඳා ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙ මඟ පෙන්වීමක් ලබා ගැනීමට ගරු ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අදහස් කරයි.

කරුණාකර මේ පිළිබඳව නොපමාව ගරු ජනාධිපතිතුමා දැනුම්වත් කරනු මැනවි.

ජනාධිපති ‌කෝපයෙන්…

මේ ආකාරයට දින දෙකක් ඇතුළත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ජන්දය ගැන විමසමින් ලිපි දෙකක් ලැබීමත් සමඟ කොරෝනා අර්බුදවල සිරවී සිටි ජනාධිපතිවරයාද තරමක් කෝපයට පත්වය. එම කෝපය තවත් වැඩි වූයේ අදාළ ලිපි දෙක තමාට ලැබෙන්නට ප්‍රථමයෙන් මහින්ද දේශප්‍රිය විසින් එය මාධ්‍යයට යොමු කර තිබීමත්, එම ලිපි වෙනත් තැනැත්තන්ට යොමුකර තිබීමත් නිසාය. ඊටත් වඩා කොරෝනා වෛරසය හේතුවෙන් සිය අවධානය සියයට සියයක්ම ඒ වෙනුවෙන් යොමුකර තිබූ පසුබිමක එවන් ලිපියක් ලැබීමද තරමක් ජනාධිපතිවරයාගේ නොසතුටට හේතුවී තිබිණ. ඒ අනුව මහින්ද දේශප්‍රියගේ ලිපි දෙකට පිළිතුරු යැවීම මදකට පමා කළ ජනාධිපතිවරයා ඒ වෙනුවට කළේ ඉහළ පෙළේ නීතිවේදීන් කණ්ඩායමකට මහ මැතිවරණය කල් දැමීම සහ එය යළි පවත්වන දිනය පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සොයා බලන ලෙසට දැනුම් දී සිටීමය.

වහාම නීතිවේදීන් කැදවයි…

ඒ අනුව දින කිහිපයක් තිස්සේම එම නීතිවේදීන් කණ්ඩායම නීති පොත් පෙරළ පෙරළා බලමින් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව සොයන්නට වූහ. ඒ අනුව ඔවුන් අවසානයේදී ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට කටයුතු කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය තවමත් වලංගු බවත්, එහි දක්වා ඇති විධිවිධානයන්ට අනුව කටයුතු කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බැඳී සිටින බවත්ය.

මහජන්දය මැයි 23?

අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ජුනි 01 වැනිදාට ප්‍රථම මහ මැතිවරණය පවත්වා අවසන් කොට නව පාර්ලිමේන්තුව රැස්විය යුතු යැයි කියාය. ඒ අනුව අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවට සභාපතිවරයා දැනුම් දී තිබුණද මැයි 15ට ප්‍රථම නැවැත වතාවක් මැතිවරණ දිනය නම් කිරීමේ අවස්ථාව කොමිසමට හිමිවන බවත්, බොහෝ දුරට මැයි 23 මහ මැතිවරණය පැවැත්වීමට හැකි බවත් ඔවුහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. ඒ අනුව ජුනි 01ට ප්‍රථම ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවද එම නීතිවේදීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
මීට අමතරව තවත් විවිධ යෝජනාද ජනාධිපතිවරයාට මෙහිදී ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ.

ඉන්දියාවේ වගේ ජන්දය දින කිහිපයකට කඩයි…

නිල නොවන ආරංචි මාර්ගවලින් අපට වාර්තා වූ තොරතුරුවලට අනුව යම් හෙයකින් කොරෝනා අර්බුදය සම්පූර්ණයෙන්ම සමතයකට පත්කර ගැනීමට නොහැකි වුවහොත් ඉන්දියාවේ මෙන් ප්‍රදේශ වෙන්කොට අවස්ථා දෙකකදී හෝ තුනකදී මැතිවරණය පැවැත්විය යුතු බවද එහිදී යෝජනා වී තිබේ.
මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නැතත් දැනට ආණ්ඩුව තීරණය කර ඇත්තේ නිශ්චිත වශයෙන්ම කලින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජුනි 01 වැනිදා වන විට අලුත් පාර්ලිමේන්තුව රැස්කරන්නටය. මේ වන විටත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම 90%කින් පමණ පාලනය කොට ඇති බවට ආරක්ෂක අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසා ආණ්ඩුව සැලැසුම් කර ඇත්තේ සිංහල අවුරුද්ද අවසන් වන විට ඒ සම්බන්ධ සත්‍ය තත්ත්වය රටට ප්‍රකාශ කොට මැයි මාසයේ තුන්වැනි සතිය වන විට මහ මැතිවරණය පවත්වා අවසන් කිරීමටය. බොහෝ දුරට එම දිනය මැයි 23 විය හැකි බවද ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මැකොට ජනපති ‌ලේකම්ගෙන් සැර උත්තරයක්…

මෙම නීති උපදෙස් ලැබීමත් සමඟ ජනාධිපතිවරයා සිය ලේකම්වරයා වූ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට මෙම නීතිමය තත්ත්වය මතක් කරමින් ලිපියක් යොමු කරන ලෙසට දැනුම්දී සිටියේය. අදාළ ලිපියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම ලිපි මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර සිටින ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී සිටියේය. ඒ අනුව මහින්ද දේශප්‍රියගේ ලිපි ලැබී දින 9ක් නික්ම යෑමෙන් අනතුරුව ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දීර්ඝ මෙන්ම සැර උත්තරයක් යැවීමට පියවර ගත්තේය. උපහාසයද සපිරිව ජනාධිපති ලේකම්වරයා මහින්ද දේශප්‍රියට යැවූ එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

‘මහින්ද දේශප්‍රිය මහතා
සභාපති ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
සරණ මාවත, රාජගිරිය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරබයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.
පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය:

2020-03-02 දිනැති අංක 2165/8 දරන ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.

එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණි.

ඉන් අනතුරුව,
(අ) දේශපාලන පක්‍ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය අභිලාෂය පළකළහ.
(ආ) පිළිගත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15 වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තෝරා පත්වීමට අදහස් කරන අපේක්‍ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ.
(ඇ) එකී අපේක්‍ෂකයන්ගේ ලිඛිත අනුමැතියද දෙන ලදී.
(ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.
අදාළ තත්ත්වයන් යටතේ ස්වාධීන අපේක්‍ෂකයෝ ගණනාවක් සහ පිළිගත් දේශපාලන පක්‍ෂ ගණනාවක්.
(අ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය,
(ආ) මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය,
(ඇ) නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ දිනය සහ
(ඈ) අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම
පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24 (1) ඡේදයේ ඒ සිට ඩී දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මඟින් නිවේදනය පළකළ යුතුව තිබිණි.
2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24 (1) ඡේදයේ ඒ සහ සී අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා ඡන්ද විමසීම සිදුකෙරෙන බව සහ ඡන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.
ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත් ප්‍රකාශ කරන ලදී.
2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකි නම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.
එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බවද සඳහන් කළ යුතුය.

අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත් වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.
කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල් තැබූ ඡන්ද විමසීම 15 වැනි දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරී අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.
ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනඟින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්
ජනාධිපති මාධ්‍ය අංශය
2020-04-09

ආණ්ඩුව ජන්දෙට සූදානම්…

ඒ අනුව දැන් එකක් පැහැදිලිය. ඒ, ආණ්ඩුව මහ මැතිවරණය පැවැත්වීමට ලකලැහැස්ති වෙමින් සිටින බවය. කොරෝනා වෛරසය හමුවේ ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක ජනතාව නිවෙස්වලට වී සිටින මොහොතක රට ඇතුළේ මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම ආණ්ඩුව සකසා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මේ වන විට බොහෝ දෙනකු තුළ මතුව ඇත. නමුත් ආණ්ඩුව ඊටද දැනටමත් පිළියම් යොදා අවසන්ය. ඒ අනුව ආණ්ඩුව මේ දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනාවලියක් සකස් කරමින් යන බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

කැම්පේන් එක කරන විදිහ ‌මෙන්න…

ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව ආරංචිය. විශේෂයෙන්ම මහා පරිමාණයේ රැස්වීම් දැඩි ලෙස සීමා කිරීමටත්, නිවෙස්වලට නොගොස් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් සෑම නිවෙසකටම ලබාදිය යුතු ආකාරය පිළිබඳවත්, ඩිජිටල් ක්‍රමයන්ට අනුව මැතිවරණ රැස්වීම් පැවැත්වීමටත්, ආණ්ඩුවට මෙන්ම විපක්ෂයේ සෑම පක්ෂයකටම සාධාරණ කාලයක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබාදීමටත් මෙහිදී අවධානය යොමුව ඇති බවක් දැනගන්නට තිබේ. පවතින තත්ත්වය සමනය වුවත්, නැතත් දැඩි ආරක්ෂක ක්‍රමවේදයන් මධ්‍යයේ මෙම ප්‍රචාරක කටයුතු සිදුකිරීම පිළිබඳව ආණ්ඩුව අවධානය යොමුකර ඇති බවත් වාර්තා වේ.

මැකො සූදානම්ද…?

කෙසේ වෙතත් ආණ්ඩුවේ මේ මැතිවරණ පැවැත්වීමේ සූදානම සම්බන්ධයෙන් පසුගිය සතියේ විපක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනකුම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඇමැතුම් ලබාදෙමින් ඔහුගේ මතය විමසීමටද කටයුතු කර තිබිණ. එහිදී සභාපතිවරයා සියල්ලන්ටම කියා තිබුණේ ගැසට් පත්‍රයට අනුව සියල්ල සිදුවය යුතු බව තමන් පිළිගන්නා නමුත් රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන්ද විමසීමකට ලක් කළ යුතු බවකි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට ‌මෛත්‍රී-රනිල්ටත් ‌ලෙඩක් වැටෙන ලකුණු- කාදිනල් හිමිගේ ප්‍රකාශයෙන් ඉගියක්

Next Post

කොරෝනා අස්සේ ජන්දෙ තියනවාට කාදිනල් හිමි එළිපිට විරුද්ධ ‌වෙයි (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.