• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

කාදිනල් හිමිගේ වතිකානු ගමනින් පාස්කු ප්‍රහාරයේ තොණ්ඩුව ආණ්ඩුවේ බෙල්ලට වැටෙයිද? විපක්ෂයේ සාකච්ජාවෙන් පසු ජනපති ආණ්ඩුවේ මන්ත්‍රී පස්සේ පන්නයි! ලන්සා මුලු ආණ්ඩුවම බයබිරාන්ත කරයි! බැසිල් ලන්සා අතහරියි! (රාජ්‍ය රහස්)

February 20, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවෙන් පළාත් සභා ජන්දෙට එන ප්‍රෙෂර් එක!

නෙළුම් මාවතේ එළිවන තුරු සාකච්ජා!

විපක්ෂයේ දෙවන සාකච්ජාවත් උණුසුම්

මීට දෙසතියකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අති විශේෂ අනාවරණයක් සිදුකරමින් අප කියා සිටියේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන් කොළඹ සිනමන් ලේක් හෝටලයේ දොරගුලුලා ගත් කාමරයක සිට ඉතා රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියාය. එම සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් සංවිධාන කර ඇති බවත්, ඊට විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් පමණක් නොව ජවිපෙ නියෝජනය කරමින් හරිනි අමරසූරිය පවා සහභාගි වී සිට ඇති බවත් අප එහිදී අනාවරණ කර සිටියෙමු. දැනට රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගළවා ගැනීමේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බවත් ඊට ආරාධිත ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුම සහභාගි වී දේශන පවත්වා ඇති බවත් අප එහිදී පෙන්වා දුන්නෙමු.

මව්රටට කතාව ගිය එක අනුරට ප්‍රශ්නයක් වෙලා!

අප කළ එම අනාවරණයෙන් පසු ආණ්ඩුවේ නියෝජිතයන් පමණක් නොව, විපක්ෂයේ නියෝජිතයන්ටද ගැටුල ගණනාවක්ම මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ආණ්ඩුවේ පිරිස්ද රාජ්‍ය රහස් තීරයට කතා කොට මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා සිටි අතර ඔවුන්ද අප කියන තෙක් එවැන්නක් දැන නොසිටි බව සඳහන් කර සිටීම විශේෂ සිදුවීමක් විය. මීට අමතරව අප කළ අනාවරණයත් සමග ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සුමන්තිරන්ට කතාකොට අදාළ රහසිගත සාකච්ඡාවේ තොරතුරු ‘මව්රට’ පුවත්පතට කෙසේ ගියා දැයි තොරතුරු විමසීමට පියවර ගෙන තිබිණි. එහිදී සුමන්තිරන් ඊට අදාළ තොරතුරු අනුරට දැනුම්දුන්නා පමණක් නොව එම සාකච්ඡාවේ දෙවැනි වටය මීටත් වඩා පුළුල් කොට ආණ්ඩුවේ නියෝජිතයන් සඳහාද ඇරයුම් කිරීමට සැලසුම් කොට ඇති බව සුමන්තිරන් අනුරට දැනුම්දී සිටියේය. පළමු සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරමින් මහාචාර්ය තිස්ස විතාරණ සහ ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කර තිබුණද දෙවැනි සාකච්ඡාව සඳහා කාරකසභා සභාපතිවරුන් ලෙස කටයුතු කරන මහාචාර්ය චරිත හේරත් සහ අනුර ප්‍රියදර්ශන යාපාට ආරාධනා කිරීමට සැලසුම් කර ඇති බවද සුමන්තිරන් අනුරට දැනුම්දී සිටියේය. ඒ අනුව දෙවැනි වතාවට පැවැති මේ රැස්වීමට විපක්ෂයේ නියෝජිතයන්ට අමතරව ආණ්ඩුව නියෝජනය කරන තිස්ස විතාරණ, චරිත හේරත් සහ අනුර ප්‍රියදර්ශන යාපා සහභාගි වී සිටීම විශේෂ සිදුවීමක් විය.

ආණ්ඩුවේ අනුරයාපා-චරිත යෝජනාවලට කැමැතියි: අස්සන දාන්න අකැමැතියි!

ඒ අනුව එම සාකච්ඡාවේදී දැනට රට මුහුණදී ඇති විදෙස් සංචිත හිඟය කළමනාකරණය කරගැනීම සඳහා යෝජනා හතරක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමටත්, එසේ නිකුත් කරන ඒකාබද්ධ නිවේදනයට සාකච්ඡාවට සහභාගි වී සිටි සියලු දෙනාම අස්සත් තැබීමටත් යෝජනාවක් ඉදිරිපත් විය. එහිදී සියලු දෙනා ඊට එකඟතාව පළකර සිටියත් මහාචාර්ය චරිත හේරත් සහ අනුර ප්‍රියදර්ශන යාපා පිරිසට දැනුම්දී සිටියේ අදාළ යෝජනාවට තමන්ගේ විරුද්ධත්වයක් නැතත්, එම ඒකාබද්ධ යෝජනාවලට තමන්ට අස්සන් කළ නොහැකි යැයි කියාය. ඊට විපක්ෂ නියෝජිතයන්ගේද එකඟතාව පළවිය. චරිත සහ අනුර යාපා මෙසේ එම යෝජනාවලට අස්සන් තැබීම ප්‍රතික්ෂේප කළත්, ආණ්ඩුව නියෝජනය කරන තිස්ස විතාරණ ඊට අස්සන් තැබීම විශේෂ සිදුවීමක් විය.

රනිල්ට එන්න බැරි වූ විශේෂ කරුණ!

මීට අමතරව මෙම රැස්වීමේදී දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ පළමු අවස්ථාවේ රැස්වීමට සහභාගි වී සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැස්වීමට සහභාගි නොවීමය. සුමන්තිරන් මේ සම්බන්ධයෙන් රනිල්ට කතාකොට දුරකතනයෙන් විමසද්දී රනිල් කියා සිටියේ යම් විශේෂ හේතුවක් නිසා තමන්ට ඊට සහභාගි වීමට නොහැකි බවත්, එම නිසා ඒකාබද්ධ යෝජනාවලියට අස්සන් තැබීමට නොහැකි බවත්ය. නමුත් ඒ විශේෂ හේතුව කුමක්ද යන්න රනිල් ඒ මොහොතේ සුමන්තිරන්ට දැනුම්දී සිටියේ නැත.

චරිතට බාල්දියක් පෙරළෙයි! චරිත මව්රටට කතාකරයි!

ඒ අනුව මෙම සාකච්ඡාවෙන් පසුවද අප පළමු වරට මෙම සාකච්ඡාවට ආණ්ඩුවේ නියෝජිතයන් වූ මහාචාර්ය චරිත හේරත් සහ අනුර ප්‍රියදර්ශන යාපා සහභාගි වී ඇති බවට විශේෂ පුවතක් අප වෙබ් අඩවිය ඔස්සේ පළකිරීමට පියවර ගත්තෙමු. කිසිවකු නොසිතූ ආකාරයට එම පුවත ආණ්ඩුව ඇතුළේ යම් ආන්දෝලානයක් මතුකර ඇති බව දැකගන්නට ලැබුණේ පුවත පළකොට පැය කිහිපයක් ගතවන්නටත් මත්තෙන් ජනාධිපතිවරයා චරිතට කතාකොට මෙම සාකච්ඡාව පිළිබඳවත්, සාකච්ඡාවට යෑමට බලපෑ හේතු මොනවාද යන්න පිළිබඳවත් චරිතගෙන් විමසා සිටීම නිසාය. ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුවේ තවත් ප්‍රබලයන් රැසක්ම ඒ වන විටත් අප පුවත දැක චරිතට දුරකතන ඇමතුම් ලබාදීමට පියවර ගෙන තිබිණි. මේ නිසාම දිගින් දිගටම ඇමතුම් ලැබීමෙන් අපහසුතාවට පත්ව සිටි චරිත, ‘මව්රට’ට කතාකොට තමන් එම සාකච්ඡාවට සහභාගි වීම සත්‍යයක් බවත්, නමුත් ඊට සහභාගි වූයේ වෘත්තීය මට්ටමෙන් රටේ ආර්ථිකය සහ විදෙස් සංචිත සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවට කළ දැනුම්දීම නිසා බවත් අපට කියා සිටියේය. එසේ නොමැතිව එහි කිසිදු දේශපාලන ව්‍යාපෘතියක් නොතිබූ බවද චරිත අපට දැනුම්දී සිටියේය. ඒ අනුව අපද චරිතගේ එම පැහැදිලිකිරීම පුවතක් ලෙස අප වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු.

අනුර යාපාට නම් ප්‍රශ්නයක් නෑ!

කෙසේ වෙතත් මේ ආකාරයට පුවත පළවීමෙන් පසු චරිතට ආණ්ඩු පාර්ශ්වයෙන් දිගින් දිගටම ඇමතුම් ලැබී තිබුණද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඊට සහභාගි වූ අනෙක් නියෝජිතයන් දෙදෙනා වූ අනුර ප්‍රියදර්ශන යාපා සහ තිස්ස විතාරණට එවැනි කිසිදු ඇමතුමක් ලැබී නොතිබීමද විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ඔවුන් ඊට ප්‍රතිචාර ලෙස ප්‍රකාශයක් නිකුත් කිරීමට ගියේද නැත. කෙසේ වෙතත් ආණ්ඩුවත්, විපක්ෂයත් එක්ව රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සංවිධාන කළ මෙම සාකච්ඡා මාලාවේ තුන්වැන්න මීටත් වඩා ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සංවිධාන කිරීමට සුමන්තිරන් මේ වන විටත් සැලසුම් කරමින් සිටින බවද ආරංචිය.

සතියේ චරිතය ලන්සා!

රටේ ආරථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව වැඩි බරක් තබා කටයුතු කරද්දී පසුගිය සතියේ රට ඇතුළේ වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාව සහ චරිතය බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව නිමල් ලන්සාය. ලන්සා කලක සිටම ආණ්ඩුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් කිසියම් කලකිරීමකින් පසුවන බව අප ‘රාජ්‍ය රහස්’ තීරය හරහා අනාවරණ කළේ මීට මාස දෙක තුනකට පෙරාතුව සිටය. වරක් අප කියා සිටියේ විදෙස්ගතව සිටින ලන්සා ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් සිටින බවත්, ලංකාවට පැමිණි වහා ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවත්ය. අප අනාවරණ කී ආකාරයෙන්ම ලංකාවට පැමිණි ලන්සා ආණ්ඩුවට එරෙහිව විවේචනාත්මකව අදහස් පළකිරීමට පියවර ගත්තේය.

හිටියේ නම් කලකිරීමෙන්!

මීට අමතරව ආණ්ඩුව විවේචනය කිරීම හේතු කොට ගෙන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත් මහතාට එදිනම රාත්‍රියේ කොල්ලුපිටිය රමාඩා හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට ලන්සා කටයුතු කළේය. එපමණක් නොව සිය අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඇතිකරගෙන තිබූ ගැටලු හේතු කොටගෙන ලන්සා මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට පවා පියවර ගත්තේය.

කාර්ය මණ්ඩලයට බඩු පැක් කරගන්න කියයි!

කාලයක් තිස්සේ මෙසේ මතුවූ ගැටුම්වල ප්‍රතිඵලය වූයේ පසුගිය සතියේ ලන්සා විසින් සිය කාර්යමණ්ඩලයට අමාත්‍යාංශයෙන් ඉවත් වන ලෙසට දැනුම්දීමය. එසේ තමන්ගේ බඩු භාණ්ඩ අමාත්‍යාංශයෙන් ඉවත් කරගත් පසු ලන්සා කෙළින්ම ගියේ තමන්ගේ නිවෙසටය. එසේ ගිය ලන්සාට හුස්මක් කටක්වත් ගැනීමට නොහැකි වූයේ තොරතෝංචියක් නැතිව සිය ජංගම දුරකතනයට ගලා ආ ඇමතුම් නිසාය. එසේ ලන්සාට කතා කළ පිරිස අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පමණක් නොව, විපක්ෂයේ බොහෝ දෙනකුද සිටියහ. ලන්සාට කතා කළ එම පිරිස් ඔහුගෙන් බඩු භාණ්ඩ අස්කරගත් සිදුවීම පිළිබඳ විමසද්දී ලන්සා කියා සිටියේ ඒ සියල්ල ඇත්තක් බවත්, තමන් සිටින්නේ දැඩි කලකිරීමකින් බවත්ය.

බැසිල්ගේ මිනිහෙක් වුණත් බැසිල්ගෙන් කෝල් එකක් නෑ!

සාමාන්‍යයෙන් ලන්සා ප්‍රකටව ඇත්තේ වෙන කාගේවත් මිනිහෙක් ලෙස නොව බැසිල්ගේ මිනිහෙක් ලෙසටය. ඒ අනුව මෙවැනි ආන්දෝලනාත්මක පුවතක් වාර්තාවූ සැණින් හරි නම් ලන්සාට මුලින්ම දුරකතන ඇමතුම ලැබිය යුත්තේ බැසිල්ගෙනි. නමුත් අප දන්නා පරිදි නම් තවමත් බැසිල්ගෙන් ලන්සාට දුරකතන ඇමතුමක් හෝ ලැබී නැත. ඒ හරහා ලබාදී ඇති ඉඟිය වී ඇත්තේ බැසිල්, ලන්සා අතහැර ඇති බවකි. එසේ බැසිල් ලන්සා අතහැරියේද ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්, ශ්‍රීලනිප ප්‍රබලයන්, කැබිනට් ඇමැතිවරුන් පමණක් නොව, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ලන්සා සමග බොහෝ වේලාවක් දුරකතනයෙන් තොරතුරු බෙදාහදා ගන්නා ආකාරය දැකගන්නට ලැබිණි. ඒ අනුව ලන්සා මේ ගහන්නට යන දේශපාලන ගේම කුමක්ද යන්න පැහැදිලි නැතත් ඉදිරි දින කිහිපය තුළද ඒ සඳහා බලපෑ හේතුත් ලන්සා කරන්නට යන දේ පිළිබඳවත් තොරතුරු එළියට එනු නොඅනුමානය.

ඩලස් ලන්සාව දැක්ක හැටි!

මේ ආකාරයට ලන්සා අමාත්‍යාංශයෙන් ඉවත්ව දින කිහිපයක් ගිය පසු කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් අවන්හලේදී සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතාගේ පුවත්පත් දිවියට වසර 38ක් පිරීම නිමිත්තෙන් වූ උත්සවයක් පැවැත්විණි. ඊට පුවත්පත් කතුවරුන්, ධර්මන්ගේ හිතවතුන් ඇතුළු කිහිප දෙනෙක් සහභාගි වී සිටි අතර එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමය. ඩලස් සම්බන්ධයෙන් අප අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ දේශපාලන ලෝකයේ විවිධ කටකතා යන බව සටහන් කළෙමු. ඒ නිසාම ඩලස්ට සෑම අවස්ථාවකදීම මාධ්‍ය සමග ගනුදෙනු කරද්දී ඉතා අරපරිස්සමෙන් යුතුව වචන හසුරුවන ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙම උත්සවයේදී එක් කර්තෘවරයකු ඉතා සුහදව ඩලස්ගෙන් විමසා සිටියේ, ‘ඇත්තටම ඇමැතිතුමා ලන්සට මොකද වුණේ, එයා යන්නද හදන්නේ?’ යැයි කියාය.

ලන්සා පොලිටිකල් සෝල්ජර් කෙනෙක්!

මේ ප්‍රශ්නය හමුවේද ඉතා පරිස්සමෙන් නමුත් බරපතළ පණිවුඩයක් ලබාදෙමින් ඩලස් කිසිවකුත් නොසිතූ ආකාරයේ පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේය.

‘ලන්සා වගේ කෙනෙක්ට එහෙම වෙන්න මොනව හරි ලොකු ප්‍රශ්නයක් ඇති. හැබැයි මම එකක් දන්නවා. ලන්සා කියන්නේ හොඳ දේශපාලන සොල්දාදුවෙක්. පොලිටිකල් සෝල්ජර් කෙනෙක්. මම එහෙම කියන්නේ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වුණාට පස්සේ අපි ඔක්කොම හිටියෙ විපක්ෂයෙ. ඒ වෙද්දි බැසිල් හිටියෙ රට. හැබැයි බැසිල් ලංකාවට එද්දී ඒ තිබ්බ වාතාවරණයත් එක්ක බැසිල්ව පිළිගන්න ලන්සා ගම්පහෙන් 1500ක 2000ක කණ්ඩායමක් අරන් එයාර්පෝට් එකට ගියා. ඒ වෙලාවෙ කාටවත් එහෙම කරන්න හයියක් තිබ්බෙ නෑ. ඒකයි මම කියන්නේ ලන්සා කියන්නේ හොඳ පොලිටිකල් සෝල්ජර් කෙනෙක් කියලා. දේශපාලනය කරද්දී ඒ වගේ සෝල්ජර්ස්ලා අවශ්‍යයි. ඒ වගේ අය නැතිකරගන්න එක පාඩුයි.’ යනුවෙන් ඩලස් කියද්දී එම සාදයේ සිටි සියලු දෙනාම පාහේ තරමක මවිතයකින් යුක්තව ඩලස් දෙස බලා සිටි ආකාරයක් දැකගත හැකි විය.

ලන්සාගෙනුත් ඩලස්ට සහතිකයක්!

ඊට හේතු වූයේ ඩලස් සහ ලන්සා යනු එකිනෙකට වෙනස් ආකාරයේ දේශපාලන චරිත දෙකක් වීම නිසාය. නමුත් ඩලස් කිසිදු ලෝභයකින් තොරව ලන්සාගේ මෙම හැකියාව පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමක් දැකගත හැකි විය. මේ පිළිබඳ සොයා බලද්දී ලන්සාද ඩලස්ගේ දේශපාලන හැකියාව පිළිබඳ මීට පෙර එක්තරා තැනක බොහොම ඉහළ මට්ටමින් විග්‍රහයක් කර තිබූ බවක්ද ආරංචිය. එහිදී ලන්සා කියා ඇත්තේ ඩලස් යනු ඉතාමත් දක්ෂ දේශපාලනයේ ඉදිරියට යා හැකි ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක පන්නයේ දේශපාලන චරිතයක් යැයි කියාය. ඒ අනුව ඩලස් ලන්සාගේ වපසරිය පිළිබඳ මෙන්ම, ලන්සාද ඩලස්ගේ දේශපාලන වපසරිය පිළිබඳ අන්‍යොන්‍ය දැනුමකින් පසුවන බව මෙම සිදුවීම් හරහා දැකගන්නට පුළුවන.

ජනපති පැත්තෙනුත් ඇමතුම්!

කෙසේ වෙතත් ලන්සාගේ තීන්දුවත් සමග ජනාධිපති ලේකම්වරයාද, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකුද ලන්සාට කතාකොට ජනාධිපතිවරයා හමුවී ගැටලුව විසඳාගන්නා ලෙස දැනුම්දීමට පියවර ගෙන තිබිණි. ලන්සා ඔවුන්ටද පස්සෙ බලමු යැයි කියමින් පිළිතුරු දී ඇති බව ‘රජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

සනත් ලන්සාට තර්ජනය කරයි!

මේ ආකාරයට ලන්සාගේ මාතෘකාව කරළියට විත් යට යද්දී යළිත් එම සිදුවීම ඉහළට ගෙන ආ සිද්ධියක් වූයේ හිටි හැටියේම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වා ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍යවරයකු වූ සනත් නිශාන්ත මහතා ලන්සාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමය. මෙම ප්‍රහාරය එල්ලවීම වෙනත් ස්ථානයක නොවී, පොහොට්ටුවේ පක්ෂ කාර්යාලය තුළදීම සිදුවීම හේතුකොට ගෙන ඊට නිසැක වශයෙන්ම පොහොට්ටුවේ ප්‍රබලයන්ගේ ආශීර්වාදය හිමිව ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම එම ප්‍රහාරය එල්ල වූයේ පක්ෂයේ ඉහළ මට්ටම දැනුවත්ව බවද අමුතුවෙන් කිවයුතු නැත. එහිදී සනත් නිශාන්ත ලන්සාට ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමින් ඔහු කළ ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, අත දරුවන් මෙන් දේශපාලනය කළ නොහැකි බවත් කියා සිටිනු දැකගත හැකි විය.

ලන්සාගේ පැත්තෙන් එළියට ආ හඬ පටය!

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සනත් නිශාන්ත විසින් සිදුකොට පැය කිහිපයක් යෑමට මත්තෙන් මීට සති කිහිපයකට ඉහතදී සනත්, ලන්සාට දුරකතනයෙන් කතා කොට, ‘ලන්සා දැනගනින් උඹව කුඩු කරනවා’ යනුවෙන් කියමින් තර්ජනය කරන ආකාරයේ හඬ පටයක් මාධ්‍යයට නිකුත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම හඬ පටය කොහෙන්, කා හරහා මාධ්‍යයට නිකුත් වූයේද යන්න පිළිබඳ පැහැදිලි නැතත් එය ලන්සා හා සනත් නිශාන්ත අතර ජංගම දුරකතන ඔස්සේ සිදුවූ සංවාදයක් නිසා ලන්සාගේ පාර්ශ්වයෙන් එම මාධ්‍ය වෙත නිකුත් කෙරුණු බව බොහෝ දෙනාගේ අදහසය. එහිදී සනත් බරපතළ චෝදනාවක් ලන්සාට එල්ල කරමින් කියා සිටින්නේ ආණ්ඩුවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කරුවලගස්වැව ශ්‍රීලනිප සංවිධායකවරයා ලවා විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් වහාම එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත්ය.

රහස් හඬ පට පෙට්ටගමක්!

ඒ අනුව ලන්සා මෙසේ හදිසියේම පොහොට්ටු පක්ෂ කාර්යාලයෙන් තමන්ට එරෙහිව ප්‍රකාශයක් නිකුත්වී පැය කිහිපයක් යෑමට මත්තෙන් මෙම ප්‍රහාරය එල්ල කළ අමාත්‍යවරයාටම එරෙහිව හඬ පටයක් නිකුත් කළේ ඇයි? එහි පිටුපස පවතින දේශපාලන පණිවුඩය බොහෝ බරපතළය. නොඑසේ නම් ඒ හරහා ලන්සා පෙන්වා දුන්නේ මෙය එකක් පමණක් බවත්, මෙවැනි ආකාරයේ දේශපාලන රහස් ඇතුළත් හඬපට දහස් ගණනින් තමන් සන්තකව ඇති බවත්ය. එසේත් නැතිනම් ලන්සා නොකියා කියා සිටියේ තමන් ළඟ මෙවැනි ආකාරයේ රහස් හඬ පට පෙට්ටගමක් පවතිනවා යැයි කියාය.

රහස් හඬ පටවලින් ආණ්ඩුව බයවුණාද?

ඒ අනුව ලන්සාගේ පාර්ශ්වයෙන් සිදුවූ මෙම හඬ පට එළියට දැමීම හරහා ලබාදුන් පණිවුඩය බලධාරීන්ද තේරුම් ගත් බවක් පෙනී යන්නේ ලන්සා සමග ගැටුම් ඇතිකර ගත්තේ යැයි කියන අමාත්‍යාංශ ලේකම්වරයා හට වහාම මාරුවක් ලබාදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් සැලසුම් කරමින් සිටින බවට වාර්තා වීමත් සමගය. ඒ අනුව ලන්සා විසින් ආණ්ඩුව ඇතුළේ ගැසූ මෙම දේශපාලන බෝම්බය ඉදිරියේදී තවත් ආන්දෝලනාත්මක දේශපාලන පෙරළි ගණනාවකින් සමන්විත වනු ඇති බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

පාස්කු ප්‍රහාරය ආපිට කැරකෙයිද?

පාස්කු ප්‍රහාරය එල්ලවී මේ වන විට වසර දෙකකට අධික කාලයක් ගතව තිබුණත් තවමත් එම ප්‍රහාරය සම්බන්ධ කරගෙන අවශේෂ සිදුවීම් රැසක් සිදුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය සතියේ පමණක් ඊට අදාළ සිදුවීම් රැසක් තිරය පිටුපස මෙන්ම වේදිකාව මතද රඟදැක්වෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවිය යුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දක්වන ශෙහාන් මාලක පොලිස් අත්අඩංගුවට පත්වීම එක් සිදුවීමකි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්න ගණනාවක් මුල් කරගෙන අවසානයේදී කාදිනල් හිමිපාණන් පවා මාධ්‍ය හමුවකට පැමිණ එය හෙළාදැකීමට පියවර ගෙන තිබිණි. මීට අමතරව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාටද රහස් පොලිසියෙන් කැඳවීමක් ලැබුණේ මීට මාස දෙකකට ඉහතදී මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලක ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. එමෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල කරමින් නඩු පවරා තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පතිවරයා වන පූජිත් ජයසුන්දර මහතා ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කිරීමද පසුගිය සිකුරාදා දිනයේ සිදුවිය.

දොර වසාගෙන රහස් සාකච්ජා!

මේ සියල්ල එළිපිට සිදුවූ සිදුවීම්ය. කිසිවකුටත් නොපෙනෙන්නට තිරය පිටුපසද මීට වඩා බරපතළ සිදුවීම් ගණනාවක් පාස්කු ප්‍රහාරය මුල් කරගෙන සිදුවූ ආකාරයක් පසුගිය සතියේදී දැකගන්නට ලැබිණි. ඉන් ප්‍රධාන එකක් වූයේ කාදිනල් හිමිපාණන් පසුගිය සතියේ ඉතා රහසිගත ලෙස දොරවල් වසාගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික පල්ලිය වෙත මුදාහැර ඇති මර්දනය පිළිබඳ සාකච්ඡා කිරීමය. එහිදී අපට දැනගන්නට ලැබුණු විශේෂ තොරතුරකින් කියැවුණේ පසුගිය සතියේදී කාදිනල් හිමිපාණන් ඇමෙරිකාවේ ප්‍රබලතම තනතුරක් වන අගරදගුරුවරයාට දෙවරක් හෝ තුන් වරක් ඇමතුම් ලබාදී සාකච්ඡා කොට ඇති බවය. එම සාකච්ඡාව හරහා ඇමෙරිකානු අගරදගුරුවරයා හරහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාට විශේෂ පණිවුඩයක් කාදිනල් හිමාපාණන් විසින් ලබාදී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම විශේෂ පණිවුඩයේ සංයුතිය කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු දැනගන්නට නැතත් කාදිනල් හිමාපණෙන් හදිසියේම වතිකානය බලා යෑමට තීරණය කළේ අදාළ පණිවුඩය ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලැබී ඇති පුවත තහවුරු වීමත් සමගය.

වතිකානුවෙන් විශේෂ නියෝජිතයෙක්!

එමෙන්ම මේ දිනවල වතිකානයේ විශේෂ නියෝජිතයකුද ලංකාවට පැමිණ කාදිනල් හිමිපාණන් මුණගැසී ඇති බවක් ආරංචිය. මෙම විශේෂ නියෝජිතයාගේ නම නෙවිල් ජෝ හිමිපාණන් වන අතර වතිකානය හා ලංකාව සම්බන්ධීකරණ කටයුතු පාප්තුමා විසින් පවරා ඇත්තේ මෙම නෙවිල් ජෝ හිමිපාණන් හටය. ඒ අනුව නෙවිල් ජෝ හිමිපාණන් මෙවර ලංකාවට පැමිණ ඇත්තේ කාදිනල් හිමියන් විශේෂ සාකච්ඡාවක් සඳහා වතිකානයට රැගෙන යෑම සඳහාය.

අගරදගුරු තනතුරේ කාලය දික්වෙයිද?

මේ පිළිබඳ තොරතුරු විමසද්දී ‘රාජ්‍ය රහස්’ තීරයට කිසිවකුත් නොදත් තවත් කාරණයක්ද දැනගන්නට ලැබිණි. ඒ, අගරදගුරු පදවිය දරන පියතුමකු සාමාන්‍ය සම්ප්‍රදාය අනුව වසර 75 සම්පූර්ණ වූ පසු විශ්‍රාම යා යුතු බවය. ඒ අනුව කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් 75 වැනි විය සපිරීමට නියමිත ඇත්තේ ලබන නොවැම්බර් 15 වැනිදාය. එමෙන්ම වතිකානය මගින් පිරිනම කාදිනල් ධුරය අවුරුදු 80 දක්වා දැරිය හැකි බවට නියමයක්ද තිබේ. ඒ අනුව ලබන නොවැම්බරයේදී මැල්කම් රංජිත් හිමිපාණන් අගරදගුරු ධුරයෙන් විශ්‍රාම ගියද තවත් වසර 05ක කාලයක් කාදිනල් තනතුරේ වැඩ බැලීමට කාලය ඉතිරිව තිබේ. ඒ අනුව කාදිනල් හිමියන්ගේ හදිසි වතිකාන සංචාරය හා බැඳුණු අවශේෂ කාරණා අතර මෙම කරුණුද ඇති බව දැනගන්නට තිබේ. විශේෂයෙන්ම මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික පල්ලිය මැදිහත්ව ජාතික මෙන්ම ජාත්‍යන්තරව ප්‍රබල මෙහෙයුමක් දියත් කර ඇති නිසා තවත් සැලකිය යුතු කාලයක් අගරදගුරු පදවිය දැරීමට වතිකානයේ අවසර ලබාගැනීමද මෙම සංචාරය හා බැඳී ඇති බව පැවසේ.

වතිකානුවෙන් යන ගමන!

එමෙන්ම මෙම වතිකාන සංචාරයෙන් පසුව කාදිනල් හිමිපාණන් ඇමෙරිකානු සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවද පැවසේ. ඒ, පසුගිය සතියේ දුරකතනය ඔස්සේ කරන ලද සාකච්ඡා අතරතුරදී එරට අගරදගුරු බිෂොප් හිමිපාණන් විසින් කාදිනල් හිමියන්ට ඇමෙරිකානු සංචාරයක නිරත වන ලෙසට ආරාධනා කර ඇති නිසාය. එම නිසා ලබන පෙබරවාරි 28 වැනිදාට ප්‍රථම සිදුකිරීමට නියමිත කාදිනල් හිමිපාණන්ගේ වතිකාන සහ ඇමෙරිකානු සංචාරයන් මුල් කරගෙන 28 වැනි දින ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කොමිසමට විශේෂ යෝජනාවක් ඉදිරිපත් වීමේ අවදානමක්ද නැතිවා නොවේ.

හතරවටෙන්ම ජන්ද ඉගි!

මේ දිනවල රටේ දේශපාලන පිටිය තුළ කතාබහට ලක්වන ඊළඟ වැදගත් මාතෘකාව වන්නේ හදිසි ඡන්දයක් පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවකි. එය තහවුරු කරමින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වූ නීතිඥ නිහල් ජී. පුංචිහේවා මහතාද අවස්ථා දෙකකදීම කියා සිටියේ බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය මේ වසර ඇතුළතදී පැවැත්වීමට සිදුවිය හැකි බවත්, මැතිවරණ කොමිසම ඕනෑම ඡන්දයක් පැවැත්වීමට සූදානමින් සිටින බවත්ය. එමෙන්ම ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ලබන 24 වැනි දින ජාතික මැතිවරණ කොමිසම වෙත පැමිණෙන ලෙසට ආරාධනාවක්ද මේ වන විට නිහාල් ජී. පුංචිහේවා මහතා විසින් යොමුකර තිබේ.

ආණ්ඩුවේ හිත පළාත් සභා!

මේ ආකාරයට මැතිවරණ කොමිසම පාර්ශ්වයෙන් මේ වසර ඇතුළතදී පුංචි ඡන්දය පැවැත්විය හැකි බව කියා සිටියද ආණ්ඩුවේ ප්‍රධානීන් නම් සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයකය. ආණ්ඩුවේ ප්‍රධානීන් මේ වන විට තීන්දු කර ඇත්තේ මෙම මස 28 වැනිදා ආරම්භ වීමට නියමි ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා ලංකාවට පැමිණීමට ඇති පීඩනය වළක්වා ගැනීමට නම් නිසැක වශයෙන්ම ඉන්දියාව බැලන්ස් කරගත යුතු යැයි කියාය. එම නිසා ඉන්දියාව ඉදිරිපත් කර ඇති කොන්දේසි සහ යෝජනා රැසක් ඉටු කිරීමට මේ වන විටත් ආණ්ඩුව පාර්ශ්වයෙන් තීරණය කොට ඇත. ඇතැම් යෝජනා මේ වන විටත් ක්‍රියාවට නංවා අවසන්ය. නමුත් ඉන්දියාවේ ප්‍රධාන ඉල්ලීමක් වූ දේශපාලන විසඳුම සම්බන්ධ මාතෘකාවේදී ආණ්ඩුව තවමත් සිටින්නේ පියවර ගණනාවක් පසුපසිනි. මන්ද යත් ඉන්දියාවේ ප්‍රධානතම ඉල්ලීම වී ඇත්තේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසටත්, එය පැවැත්වීම කල්දැමීම හරහා 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් ලබාදීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත්ය.

ඉන්දියාවෙන් එන ප්‍රෙෂර් එක!

නමුත් රාජපක්ෂවරුන් මුල සිටම සිටියේ පළාත් සභා පවත්වා එය තවදුරටත් නඩත්තු කරගෙන යනවාට වඩා පළාත් සභා අහෝසි කිරීමටය. එහෙත් දැනට ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ මතුවෙමින් පවතින තත්ත්වය යටතේ එසේ පළාත් සභා අහෝසි කරන තැනකට ගියහොත් ඉන්දියාව එය නොඉවසන බවත්, එවැනි තත්ත්වයක් යටතේ ජිනීවාහිදී ලංකාවට බරපතළ තත්ත්වයක් මතුවන බවත් රාජපක්ෂවරුන්ගේ තක්සේරුව වී තිබේ. එමෙන්ම මෙවර ජිනීවාහිදී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත නොවන බවත්, ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් සිදුවනු ඇති බවත් ජිනීවාවලින් ලැබෙන ආරංචිමාර්ගවලට ආණ්ඩුවට තහවුරු වී තිබේ. ලංකාව සම්බන්ධයෙන් ජිනීවාවලදී යෝජනාවක් සම්මත වී අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සැසිවාරයේදීය. ඒ අනුව සැප්තැම්බර් දක්වා ඉන්දියාව සමග ඉතා යහපත් ගනුදෙනුවක් පවත්වා ගැනීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ. එම නිසා සැප්තැම්බරයට පෙර කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පවත්වා එහි ප්‍රතිඵලය කුමක් වුවත් ඉන්දියාවේ සිත දිනාගැනීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

ආණ්ඩුව නත්තල් සීයාට අදී!

ආණ්ඩුව මේ දිනවල නත්තල් සීයාගේ චරිතය රඟපාන්නට පටන් ගෙන ඇත්තේ මෙම පළාත් සභා ඡන්ද සටන ඔළුවේ තබාගෙනය. ඒ අනුව ආණ්ඩුව මේ වන විටත් 28%කින් සමෘද්ධි දීමනාව ඉහළ නැංවීමට තීන්දු කොට තිබේ. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම මෙන්ම හෙද කාර්යමණ්ඩලයේ ඉල්ලීම ඉටුකිරීමටද ආණ්ඩුව තීන්දු කර තිබේ. මාස තුනකට වරක් ප්‍රාදේශීය සභා සියල්ලට මුදල් පොම්ප කිරීමටද ආණ්ඩුව තීරණය කර තිබේ. එමෙන්ම පසුගිය අයවැයේදී ගමේ සංවර්ධනය සඳහා වෙන් කළ මුදල් මාස 03කට වරක් නිකුත් කිරීමටද ආණ්ඩුව තීන්දු කොට ඇත.

ජන්දය අප්‍රේල්වල හරි මැයි මුල හරි?

ඒ අනුව මේ සියල්ල බලද්දී සමස්ථ කාරණා සියල්ලම යොමුවන්නේ ලබන අප්‍රේල් මාසය දෙසටය. මන්ද යත් වැඩි කළ 28%ක සමෘද්ධිය ලබන මාර්තුවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ ගණනකට ලැබිය යුතු වුවත් ආණ්ඩුව තීන්දු කර ඇත්තේ එම හිඟ මුදල්ද සමග ලබන අප්‍රේල් මාසයේදී ගෙවා දැමීමටය. එමෙන්ම හෙද ඉල්ලීම් සියල්ලද අප්‍රේල් මාසය වන විට සම්පූර්ණ කිරීම ආණ්ඩුවේ සැලැස්ම වී තිබේ. මීට අමතරව ගමේ සංවර්ධන කටයුතු සඳහා මාස 03කට වරක් මුදල් ලබාදීමද සිදුකිරීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මාසයේදීය. අයවැයෙන් වෙන් කළ මුදල් මාස 03ක වරක් ගමට නිකුත් කිරීමට නියමිතව ඇත්තේද අප්‍රේල් මාසයේදීය. ඒ අනුව ලබන අප්‍රේල් මාසය දෙස ආණ්ඩුවේ ඇස ඉතා තීරණාත්මකව යොමුවී ඇති බවක් මේ සියලු කාරණා හරහා දැකගන්නට පුළුවන. එහි සැඟවුණු අරුත වී ඇත්තේ වෙන කිසිවක් නොව ලබන අප්‍රේල් මාසය අගදී හෝ මැයි මස මුලදී පළාත් සභා ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය.

නෙළුම් මාවතේ එළිවන තුරු සාකච්ජා!

මෙම සැලසුම ඔළුවේ තබාගෙන මේ වන විට ආණ්ඩුව සිය කටයුතු වේගවත් කර ඇති බවක් දැනගන්නට තිබේ. ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා පිට සාකච්ඡා පවත්වමින් ඇති බවක් දැකගන්නට තිබේ. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කැඳවා පක්ෂ මූලස්ථානයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් පැය හත අට ඉක්මවූ සාකච්ඡා පැවැත්වෙන ආකාරයක් දැකගන්නට තිබේ. මෙම සාකච්ඡාවලදී ආණ්ඩුවේ ප්‍රබල චරිතවලට සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉවත්වී ඒ ඒ පළාත්වල මහ ඇමැති ධුර සඳහා තරග කරන ලෙසට යෝජනා ඉදිරිපත්ව ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

තරු හොයන්න වැඩ පටන් ගනී!

මීට අමතරව ආණ්ඩුවේ ප්‍රධානීන් පසුගිය සතියේදී රටේ ජනප්‍රිය චරිත කිහිපයකට කතා කොට පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන ලෙසට ආරාධනා කර ඇති බවක්ද වාර්තා වේ. එම ඇතැම් චරිත ආණ්ඩුවේ එම යෝජනා පිළිගෙන ඇති අතර ඇතැම් චරිත මේ මොහොතේ ඉදිරිපත් විය නොහැකි බව දැනුම්දී ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ කොයි හැටි වෙතත් ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ යම් යම් අර්බුද පැවැතියත් අප්‍රේල් මාසයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වාගත හැකි වුවහොත් කිසියම් වාසිසහගත තත්ත්වයක් ආණ්ඩුවට නිර්මාණය කරගත හැකි යැයි කියාය. විශේෂයෙන්ම විපක්ෂය මේ වන විට කැඩී බිඳී ගොස් ඇති පසුබිමක් යටතේ සහ සංවිධානගත නොවී ඇති පසුබිමක් යටතේ එහි වාසියද ආණ්ඩුවට උකහාගත හැකි බව ආණ්ඩුවේ මතය වී තිබේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රාජ්‍ය ඇමැති පියල් කියන විදිහට ආණ්ඩුව හරක් ගාලක්! සනත් නිශාන්තයි ලන්සායි හරක් දෙන්නෙක්!

Next Post

මාධ්‍යවේදියාට යකා නැග දේශපාලඥයාගේ කනට ගහයි! (VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.