පාස්කු ප්‍රහාරයට වසරක් සපිරීම නිමිති කොටගෙන අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ විසින් සිදුකළ කතාවේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ ස්තූතියක් පිරිනැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කතාබහක් ඇතිව තිබේ.
සිය කතාවේදී කාදිනල් හිමිපාණන් වහන්සේ බෝම්බවලින් විනාශ වී ගිය දේවස්ථාන යළි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් එවකට නිවාස සංවර්ධන අමාත්‍යවරයාව සිටි සජිත් ප්‍රේමදාස මහතා පියවර ගැනීම සමබන්ධයෙන් මෙම ස්තූතිය පළ කිරීමට පියවර ගෙන තිබිණ.
එවකදීද කාදිනල් හිමියන් අදාළ දේවස්ථාන කඩිනමින් පිළිසකර කිරීම පිළිබදව ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේම ස්තූති කිරීමටද පියවර ගෙන තිබිණ.
මේ අතර පාස්කු ප්‍රහාරයට වසරක් පිරීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ.
එම නිවේදනය මෙසේය.












