සමගි ජන බලවේගයේ නායකයන් අද (21) දින පහන් ආලෝක දල්වා පාස්කු ප්‍රහාරයෙන් මියගියවූවන් සහ ආබාධිත වූවන් සිහිකිරීමට කටයුතු කළහ.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කාවින්ද ජයවර්ධන සහ හර්ෂ ද සිල්වා යන හිටපු මන්ත්‍රීවරු එක්ව සිටියහ.














