• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කව්ද මේ සී.ඩී: පොලිසියට මොනවද සී.ඩී. කළේ… EXCLUSIVE

November 23, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
කව්ද මේ සී.ඩී: පොලිසියට මොනවද සී.ඩී. කළේ… EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මහජනතාවගේ පොලීසියක් ගොඩ නැගීම අරමුණු කරගත් පොලීසියේ සිට පාර දෙස බැලීම වෙනුවට පාරේ සිට පොලීසිය දෙස බැලිය යුතුය යන සංකල්පය පෙරදැරි කරගත් ශ්‍රී ලංකා පොලීසියේ 35 වෙනි පොලිස්පතිවරයා වන්නේ චන්දන වික්‍රමරත්න මහතාය. ඒ සම්බන්ධයෙන් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයට පාර්ලිමේන්තු සභාවද එකගවන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ඔහු තරම් පොලිස්පති ධුරය දැරීමට වෙනත් සුදුස්සෙන් නොවන බැවිනි. ඊට හොදම උදාහරණය වන්නේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී පාස්කු ප්‍රහාරය එල්ලවීම සම්බන්දයෙන් 34 වැනි පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමත් සමග වසරකුත් මාස හතක කාලයක් පොලිස්පති ධුරයේ කටයුතු පොලීසිය කිසිදු අර්බුදයකට ලක්නොවන ආකාරයට කරගෙන යාමෙනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙතරම් දීර්ඝ කාලයක් වැඩ බලන පොලිස්පතිධුරය කිසිදු නිලධාරියෙක් හොබවා නැත. එබැවින් චන්දන වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තා අතරටද එක්ව සිටින නිලධාරියෙකි. එසේම පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයාව සිටියදී ඔහු රෝගී ව රෝහල්ගතව සිටි සහ විදෙස් සංචාරයන්වල නිරතව සිටියදී පොලිස්පති ධුරයේ වැඩ බලන්නට පත්කරනු ලැබුවේද චන්දන වික්‍රමරත්න මහතාවය. එසේ ඔහු වැඩ බලන පොලිස්පතිධුරය හොබවා ඇති වාර ගණනද 13 කි. එයද වාර්තාවකි. එනම් මෙතරම් අවස්ථා ගණනක් එකම නිලධාරියෙක් පොලිස්පති ධුරයේ වැඩ බලා නැති බැවිනි. එසේම චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ බුද්ධි අංශ නිලධාරියෙක් ලෙසිනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශයේ නිලධාරියෙක් පොලිස්පති ධුරයට මෙතෙක් පත්ව නැත. ඒ අවස්ථාවද හිමිව ඇත්තේ චන්ද වික්‍රමරත්න මහතාටමය.

පොලිස් ඉතිහාසයයේ වාර්තා ගොන්නකටම මේ වන විටත් සිය නාමය ඇතුළත් කරගෙන සිටින නව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත්වීම වළකන්නට ද පොලීසියේම ඇතැම්හු උත්සහ නොදැරුවාම නොවේ. ඒ අසූ දහසක් පමණ වූ පොලිස් බළකායෙන් දෑතේ ඇගිලි ගණනටත් අඩු නිලධාරීන් පිරිසකි. ඒ ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙනි. ඒ අය අඩුම තරමින් චන්දන වික්‍රමරත්න මහතාගේ ජ්‍යෙෂ්ඨත්වයට කිට්ටුවටවත් සිටියේද නැත. එම නිලධාරීන් දෙතුන් දෙනා චන්දන වික්‍රමරත්න මහතාගේ කකුලෙන් නොඅදින්නට ඔහු පොලිස්පති ධුරයට පත්ව බොහෝ කල්ය.

චන්දන වික්‍රමරත්න මහතා නිහඩ චරිතයකි. ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැත. වසර තිහකට අධික පොලිස් ජීවිතය තුළ ඔහු මාධ්‍ය ඉදිරියට පැමිණ ඇත්තේද අතේ අගිලි ගණනටත් අඩුවෙනි. වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පවා ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිට ඇත්තේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහාය. ඒ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමගිනි. ඒ ඔහු වැඩ කරන හැටිය. පොලීසියේ අප්‍රසිද්ධ චරිතයක් බවට වික්‍රමරත්න මහතා පත්ව සිටින්නේ එබැවිනි.

එහෙත් පොලීසිය තුළ වැඩ කරන්නට ඔහු තරම් දක්ෂයෙක් නැති තරම්ය. ඊට හොදම උදාහරණය කහවත්ත කොටකෙනන ග්‍රාමයේ සිදුවුණු කාන්තා ඝාතන රැල්ලය. එකල ඔහු සේවයේ නිරතව සිටියේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. 2008 වසරේ ජූලි 21 වෙනිදා 56 හැවිරිදි සෙල්ලයියා මාරියාගේ ඝාතනයෙන් ඇරඹි කොටකෙතන කාත්තා ඝාතන රැල්ල දකුණේ සිට අධ්‍යනය කළ චන්දන වික්‍රමරත්න මහතා එය දාම ඝාතකයෙකුගේ වැඩක් බව ඇස්තමේන්තු කළේය. එහෙත් එකල සිටි ඉහළ පොලිස් නිලධාරීන් පිළිගන්නට කැමැත්තක් නොදැක්වූයේ විදේශයන්වල මෙන් අපේ රටේ දාම ඝාතකයින් නොමැති බව සදහන් කරමිනි. ඒ අනුව විටෙන් විට කාන්තා ඝාතකයින් බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තරගයට විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා විට චන්දන වික්‍රමරත්න මහතා කළේ ඒ ගැන අධ්‍යයනය කිරීමය. ඒ ඔහුගේ මතය පිළිගන්නට පොලිස් ලොක්කන් මැළිකමක් දක්වන්නට වූ බැවිනි. අවසානයේදී කොටකෙතන කාන්තා ඝාතන රැල්ල මැඩලීමේ කටයුත්ත පැවරෙන්නේද චන්දන වික්‍රමරත්න මහතාටමය. ඒ 2015 වසරේ සැත්තැම්බර් 11 වෙනිදා කොටකෙතන ඕපාතවත්තේ දී නාගන් පාප්පු නැමැති කාන්තාවගේ අභිරහස් මරණයත් සමගිනි. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පොලිස් ස්ථාන කිහිපයකින් තෝරාගත් නිලධාරීන් කිහිප දෙනෙක්ද යොදවා සකස් කළ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයවමින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කොටකෙනත කාන්තා ඝාතනයේ සැබෑ අපරාධකරු නීල් ලක්ෂ්මන් නැමැත්තාව අත්අඩංගුවට ගන්තේය. ඒ 2015 වසරේ දෙසැම්බර් 11 වෙනිදාය. ඒ වන විට කොටකෙතනේ සිදුව තිබුණු කාන්තා ඝාතන ගණන 19 කි. එම ඝාතන අතරින් ඝාතන 15කටම වගකිව යුත්තා බවට සාක්ෂි සහිතව හදුනා ගන්නේ මෙම සැකකරුවය. ඔහු විසින් කරන්නට සූදානම්ව සිටි තවත් කාන්තා ඝාතන රැසකම තොරතුරු ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණු අතර ඒ සියල්ලක්ම වැළකෙන්නේ චන්දන වික්‍රමරත්න මහතාගේ සියුම් විමර්ශන මෙහෙයවීම් නිසාය. කොටකෙතන ජනතාව අද බියෙන් සැකෙන් තොරව ජීවත්වන්නේ ද එබැවිනි.

චන්දන වික්‍රමරත්න මේ අකාරයෙන් මාධ්‍ය සංදර්ශනවලින් තොරව කළ වැඩ ගොන්නකි. යුද සමයේදී ඔහුගේ දායකත්වය යුද්ධය නිමා කිරීමට ලැබෙන්නේ යාපනයේ සිටය. 2005 වසරේ සිට 2007 වසර දක්වාම ඔහු යාපනයේ සිට කළ සේවය අති මහත්ය. එසේම යුද්ධය නිමවීමත් සමග ඔහු පදවියේ සිට එකල මායිම් ගම්මාන ලෙස සැලකූ උතුරට මායිම්ව පිහිටි උතුරුමැද පළාතේ ගම්මාන නගා සිටුවීමට පවා විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ඒ සියල්ලක්ම ඔහු කළේ නිහඩවය. ඒ ඔහුගේ හැටිය.

චන්දන වික්‍රමරත්න මහතා මෙලොව එළිය දකින්නේ 1963 වසරේ මාර්තු 26 වෙනිදාය. ඒ කොළඹදීය. පියා සමාගම් කළමනාකරුවෙකි. සාමාන්‍ය පවුලක උපන් වික්‍රමරත්න මහතාගේ මව ගෘහණියකි. චන්දන වික්‍රමරත්න මහතා මූලික පාසල් අධ්‍යාපනය ලබන්නේ නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයෙනි. හතරවැනි පංතිය දක්වා අධ්‍යාපනය ලබන ඔහු අනතුරුව ඇතුළත් වන්නේ මහනාම විද්‍යාලයටය. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට මහනාම විද්‍යාලයේදී මුහුණ දෙන චන්දන වික්‍රමරත්න මහතා ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් හයවැනි ශ්‍රේණියට ඇතුළත් වන්නේ කොළඹ ආනන්දයටය. එකල රගර් ක්‍රීඩාවට ඇළුම් කරන්නට වූ බැවින් ආනන්දයේ රගර් කණ්ඩායමද නියෝජනය කරන්නට ඔහුට හැකි විය.

ආනන්දයෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වන චන්දන වික්‍රමරත්න මහතා උසස් අධ්‍යාපනය හැදෑරීමට ඇතුළත් වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයටය. රගර් ක්‍රීඩාවට අමතරව මල්ලව පොර ක්‍රීඩාවටද ඔහු යොමු වන්නේ විශ්ව විද්‍යාලයේදීය. එකී ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ඔහු වර්ණලාභියෙක්ද වේ.

චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිටවීමත් සමගිනි. පොලීසිය කෙරෙහි ඔහුගේ සිත ඇදී යන්නේ පොලිස් සේවයේ නිරතව සිටි තම සීයාගේ වීර වික්‍රමයන් ගැන සිය මව කුඩා කාලයේ සිට පවසන දෑ ඇසීමෙනි.

විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව සිය ආශාව සංසිදුවා ගැනීමට පොලීසියට අයදුම්පතක් ඉදිරිපත් කර මූලික සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබෙන තුරු ඔහු නිකරු‍ණේ කාලය ගත කරන්නට ගියේ නැත. පුද්ගලික ආයතනයක කළමනාකරුවෙක් ලෙස සිය හැකියාවන් ප්‍රගුණ කළේය.

එදා පොලිස් සේවයට අයදුම්පත් යොමුකළ චන්දන වික්‍රමරත්න මහතා සමග සම්මුඛ පරීක්ෂයට ඉදිරිපත්ව සිටි ගණන 76 දෙනෙකි. එම සම්මුඛ පරීක්ෂණයන් පැවැත්වෙන්නේ අද රාජ්‍ය බුද්ධි සේවය ලෙස හදුන්වන එකල ජාතික රහස් තොරතුරු කාර්යාංශයට නිලධාරීන් බදවා ගන්නටය. එදා ඒ පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගැනෙන්නේ තිදෙනෙක් පමණි. ඒ තිදෙනාගෙන් අවසාන සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වන්නේ චන්දන වික්‍රමරත්න සහ තවත් එක් අයෙක් පමණි. ඒ දෙවැන්නා මේ වන විටත් පොලිස් සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන ෆ්‍රෑන්ක්ලි ප්‍රනාන්දු මහතාය. අවසාන සම්මුඛ පරීක්ෂණය මග හරින ලද ඔහු අද ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකි.

අවසානයේදී චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස බදවා ගැනෙන්නේ 1986 ජුනි 16 වෙනිදා ය.

මූලික පොලිස් පුහුණුවෙන් පසු 1987 වසරේ සිට 1995 වසර දක්වා වසර 08ක්ම චන්දන වික්‍රමරත්න මහතා සේවය කරනුයේ බුද්ධි අංශයේය. පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඔහු උසස් වීම් ලබන්නේද බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටි 1993 වසරේ මාර්තු 02 වැනිදාය. බුද්ධි අංශ නිලධාරීයෙක් ලෙස සිය මූලික පොලිස් ජීවිතය ගත කළ ඔහුට සිවිල් ජනතාව සමග කටයුතු කරන්නට 1995 වසරේදී අවස්ථාව ලැබෙන්නේ කෑගල්ල පොලිස් කොට්ඨාසයෙනි. වසරක පමණ කාලයක් ඔහු කෑගල්ලේ සේවයේ නිරතව සිට ත්‍රිකුණාමලේයේත් කන්තලේත් සේවයේ නිරතව සිටියේය. අනතුරුව 1997 වසරේදී ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ පොලිස් මූලස්ථානයටය. ටික කලකට පසුව චන්දන වික්‍රමරත්න මහතාට මහනුවරට ස්ථාන මාරුවීමක් ලැබෙන අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ මහනුවර සේවයේ නිරතව සිටි 1998 වසරේ මාර්තු 02 වෙනිදාය.

මහනුවරින් ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ මොණරාගලටය. කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙස 2001 වසර දක්වාම සේවයේ නිරතව සිටි චන්දන වික්‍රමරත්න මහතාට නැවතත් පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබුණේය. මාස කිහිපයකට වඩා ඔහු පොලිස් මූලස්ථානයේ රැදී සිටියේ නැත. මාතරට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. 2005 වසර දක්වාම ඔහු කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව ස්ථාන මාරුවීමක් ලබන්නේ යාපනයටය. 2007 වසර දක්වාම ඔහු යාපනයේ සේවය කළේය. 2004 වසරේ දෙසැම්බර් 09 වෙනිදා පෙරදාතම කරමින් චන්දන වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වීම් ලබන්නේද යාපනයේ සිටියදීමය.

යාපනයේ සිට 2007 වසරේදී නුවරළියටත් 2008 වසරේදී පොලිස් මූලස්ථානයටත් ස්ථාන මාරුවීම් ඔහුට ලැබුණේය. පදවියට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ අනතුරුවය. 2009 වසරේ සිට 2010 දක්වා පදවියේ ඔහු සේවයේ නිරතව සිටියේය. අනතුරුව ත්‍රිකුණාමලයට ස්ථාන මාරුවීමක් ලබන ඔහු 2011 වසර දක්වාම එහි සේවය කර නැවතත් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත වන්නේ කෙටි කාලයකටය. රාජ්‍ය බුද්ධි සේවයට ලද ස්ථාන මාරුවීම සමග 2011 වසර තුළ පමණක් ඔහුට ලැබෙන ස්ථාන මාරුවීම් ගණන 04 කි. ඒ පුත්තලම, යාපනය, උතුරුමැද යන ප්‍රදේශවල පොලිස් ප්‍රධානී තනතුරු සදහාය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබන්නේද ඒ අතරතුරදීය. 2011 මැයි 20 වෙනිදා පෙරදාතම කරමින් 2011 වස‍රේ අගෝස්තු 01 වෙනිදා උසස් වීම් ලැබීමෙන් පසු චන්දන වික්‍රමරත්න මහතා උතුරු පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙසත් උතුරු මැද පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසත් 2011 වසරේ සේවය කළේය. 2012 වසරේදී ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. එම වසරේදීම නැවතත් ඔහුට ස්ථාන මාරු කෙරෙන්නේ දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. ඔහු 2016 වසර දක්වාම දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ වරින් වර සබරගමුව පළාත් භාරව වැඩ බලන පොලිස් ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරමිනි. 2016 වසරේ පූජිත් ජයසුන්දර මහතා ශ්‍රී ලංකා පොලීසියේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් පසු පොලිස් මූලස්ථානයට කැදවමින් චන්දන වික්‍රමරත්න මහතාට පවරන්නේ පොලිස් පරිපාලන අංශයයි. පොලිස්පතිවරයාගෙන් පසු පොලීසියේ ඉහළම තනතුර වන්නේ පරිපාලන අංශයේ ප්‍රධානී තනතුරය. පොලිස්පතිධුරය දක්වා ගෙවී ගිය සිව් වසර තුළ චන්දන සේවය කළේ පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙසිනි.

ශ්‍රී ලංකා පොලීසියට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස එක්වූ දින සිට මේ දක්වා ගෙවි ගිය වසර තිස් හතරක කාලය තුළ චන්දන වික්‍රමරත්න මහතා හදාරා ඇති විදෙස් පාඨමාලා ගණන 13කි. ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, බ්‍රසීලය, මියන්මාරය යන රටවලදී මානව සම්පත් කළමනාකරණය, බුද්ධි, මහජන පොලීසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ආදී විෂයයන් සම්බන්ධයෙන් එම පාඨමාලා හදාරා ඇති ඒ මහතා පශ්චාත් උපාධි පාඨමාලාව හදාරා ඇත්තේ බ්‍රැඩ්ෆෝඩ් විශ්වවිද්‍යාලයෙනි.

සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2023 වසරේ මාර්තු 25 වෙනිදාය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

සී.ඩී. පොලිස්පති

Next Post

හරීන් යහපාලන ආණ්ඩුවේ හිටපු කම්බ හොරු ටික හෙළිකරයි (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.