මාර්තු 20 සිට වැඩිදුර දැනුම් දෙන තෙක් සියලුම බ්‍රෙඩ්ටෝක් අලෙවිසැල් වසා දැමීමට තීරණය කර ඇති බව ෆුඩ්බස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරයෙන් ඇති වන අහිතකර වෙළඳපල තත්ත්වයන් මෙන්ම දැනට පවතින වසංගතය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
සිංගප්පූරුව පදනම් කරගත් බ්‍රෙඩ්ටෝක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ‘ෆුඩ්බස්’ සමාගම විසින් හඳුන්වා දෙනු ලැබුවේ 2021 දී ය.
මේ වන විට ශ්‍රී ලංකාවේ බ්‍රෙඩ්ටෝක් අලෙවිසැල් 10 ක් ඇත.










