ස්ථාවර නියෝග 27(2)ට සීමා දාන්නේ කොහොමද, ඔබතුමාට වැරදි උපදෙස් දෙන්නේ කවුද යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටීමත් සමග අද (24) දින පාර්ලිමේන්තුව උණුසුම් වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඒ අනුව විපක්ෂනායකවරයා කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ කතා කිරීමේ අයිතිය කෙලෙසීමට කටයුතු නොකරන ලෙසටය.