• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපනයේ ලොකු පෙරළියක්

September 25, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
අධ්‍යාපනයේ ලොකු පෙරළියක්
Share on WhatsAppShare on Facebook

අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් නොවිය යුතුය. රටට, ආර්ථිකයට මෙන්ම උපාධි ලාභියාටද ඉන් ප්‍රතිලාභ අත් විය යුතු බව  ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හඳුන්වා දෙන්නැයි එතුමා අධ්‍යාපන බලධාරීන්ට කියා සිටී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වසර ගණනාවකින් සිදු නොවීම වත්මන් රැකියා වෙළෙඳපොළ ගැටළුවලට හේතු වී ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. රට තුළ සහ අන්තර්ජාතිකව විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් පුරප්පාඩුව පවතී. එහෙත් ඊට අවශ්‍ය ශ්‍රම බලකාය අධ්‍යාපන ක්‍රමය විසින් බිහිකර නැත.

“රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමටනම් ඔවුන් නව දැනුමෙන්, කුසලතාවෙන් සහ නිපුණතාවෙන් පෝෂණය කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තක්. තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොතබා පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් පැහැදිළි මාර්ග සැලැස්මක් සකස් කළ යුතුය. එමගින් තාක්ෂණික අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තාක්ෂණ  භාවිතය පුළුල් කිරීමටත් පිළිවන්.අධ්‍යාපනයට අදාළ සියලු ආයතන එක අමාත්‍යාංශයක් යටතට ගත්තේ මේ අරමුණ සපුරා ගැනීමට”, ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාති, ආගම් බේදයකින් තොරව සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් දීම  අනිවාර්යය වන අතර, රටට ඔබින ඵලදායී පුරවැසියෙකු බිහි කිරීම  රජයේ වගකීමකැයි ජනාධිපතිතුමා පැවසීය.

අධ්‍යාපනය මඟ හැරුණු දරුවාට, වයස් සීමාවකින් තොරව නැවත  අපේක්ෂිත අධ්‍යාපන ඉලක්ක වෙත ළග වීමට නව ප්‍රතිසංස්කරණයෙන් පසුබිම සකස් විය යුතුය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු යැයි ජනාධිපතිතුමා යෝජනා කළේය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සියලු සිසුන්ට උපාධිය දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සේම උපාධිධාරියා රැකියාවක් ඉල්ලා පාරට නොබසින, රැකියා වෙළෙඳපොළ උපාධිධාරියා සොයා එන අධ්‍යාපන ක්‍රමයක කඩිනම් අවශ්‍යතාව දීර්ඝ සාකච්ඡාවට ලක් කෙරිණ.

ඉදිරි වසරේ දී විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා සංඛ්‍යාව 31,000 සිට 41,000 දක්වා වැඩි කර තිබේ.  විවෘත විශ්ව විද්‍යාලයට වැඩිපුර ඇතුළත් කර ගන්නා සංඛ්‍යාව දස දහසකි. තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීම පිණිස දස දහසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත. විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී සංවර්ධිත රටවල් අනුගමනය කරන විශ්ව විද්‍යාලයටම ආවේණික ක්‍රමයක් සැකසීම කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

දැනටමත් කෙටුම්පත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින්  සංවාදයට යොමු කර ක්‍රියාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අමාත්‍ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු,  කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛිය ආයතනවල ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කතානායකට වැරදි උපදෙස් දීලාද? (VIDEO)

Next Post

පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලගේ මල්ලිගේ නමත් ගෑවෙයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.