• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතරගම දුෂ්කරම පාසලකට විපක්ෂනායක ගියාම බලන්න ගුරුවරු සිසුන් දෙමව්පියන් කොතරම් සන්තෝෂ වෙනවද කියලා! මම මේ කරන වැඩපිළිවෙළට මට බැන බැන ඉන්න එපා! අනිත් සියලු දෙනාත් මේකට දායක වෙන්න! අපේ දරු පරපුර ආරක්ෂා කරමු! ගොඩනගමු! සජිත්ගෙ උත්තරේ! (VIDEO & PHOTOS)

January 13, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
කතරගම දුෂ්කරම පාසලකට විපක්ෂනායක ගියාම බලන්න ගුරුවරු සිසුන් දෙමව්පියන් කොතරම් සන්තෝෂ වෙනවද කියලා! මම මේ කරන වැඩපිළිවෙළට මට බැන බැන ඉන්න එපා! අනිත් සියලු දෙනාත් මේකට දායක වෙන්න! අපේ දරු පරපුර ආරක්ෂා කරමු! ගොඩනගමු! සජිත්ගෙ උත්තරේ! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජාති, ආගම්, කුලමල පක්ෂ භේදයකින් තොරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතියක් වන ඡන්ද අයිතිය පවා වත්මන් කැබිනට් එක විසින් අවහිර කර ඇති බවත් පළාත් සභා මැතිවරණයට අදාළ වන ඇප තැන්පත් භාර ගැනීම පවා ඊයේ කැබිනට් එක විසින් නතර කිරිමට අනීතිකිව තීන්දු කර ඇති බවත් වත්මන් විධායකය සහ කැබිනට් මණ්ඩලය එකට එකතු වී ජනතාවගේ මූලික අයිතිය පාගා දමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා සමාජයේ ඇති වූ ආන්දෝලනය තුළ එම තීන්දුව ආපසු හරහා ගැනීමට සිදු වුවත් මේ වරද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ජාතියෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවත් රටක් ලෙස මෙවැනි විකෘති වැඩ සිදු නොකර නව තාක්ෂණයෙන් යුත ගමනක් යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතරගම දී පැවසීය.කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ පණහක් වටිනා බස් රථයක් සක්වල 68වන අදියර හරහා පරිත්‍යාග කරමින් විපක්ෂ නායකතුමා මේ බව කීය.

එසේ ම ගත යුතු ආරක්ෂක පියවර සහිතව මේ රටේ සෑම දරුවකුටම පරිගණකයක් අයිති කර ගැනීමේ වරම ලබා දෙන බවත් මෙරට අනාගතය විය යුත්තේ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් බවත් ඒ සඳහා තොරතුරු වෙත, ඉගැන්වීමට, දත්ත සදහා ප්‍රවේශයක් පැවැතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම බංකොලොත් වූ රටක ප්‍රතිපාදන නොමැති කතා, පස්සේ බලන කතා නොමැතිව අපේ හැකියාව සහ උත්සාහය මත මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල අගයක් එකතු කිරීමට හැකි වූ බවත් විපක්ෂයේ සිට වුව බලයක් නොමැතිව වුව ඇමතිකම්, ජනාධිපතිකම්, අගමැතිකම් නොමැතිව ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බවත් 74 වසරක් විපක්ෂයේ කාර්යභාරය සම්පූර්ණයෙන් වෙනස් කර ජනතාව වෙනුවෙනු විශාල සේවාවක් සිදු කරමින් මැද මාවතේ ගමන් කිරීමට හැකියාව තිබූ බවත් විපක්ෂයේ සිට වුව ජනතාවට සේවය කළ හැකි බව ප්‍රායෝගිකව පෙන්වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂයේ සිට විවිධ නාලිකාවලට සම්මුඛ සාකච්ඡා පමණක් ලබා නොදී සාම්ප්‍රදායික රාමුව අතික්‍රමණය කරමින් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ බව යි.

තවද ජනතාව වැඩ කළ හැකි පිරිසක් ඉල්ලා සිටියත් මේ රජයේ සිටින්නේ කයිවාරු කාරයෝ බවත් විපක්ෂයේ සිටින ඇතැම් පක්ෂවලද දක්නට ලැබෙන්නේ කයිවාරු කාරයෝ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පාලකයන්ට මෙතෙක් කාලයක් අවශ්‍ය වී තිබුණේ පාලකයන්ට වන්දනාමාන කරන වන්දිභට්ටයන් පිරිසක් වුවත් සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් වත්මන් විපක්ෂයේ අරමුණ වූයේ උගත් පරපුරක්, සුහුරු තාරුණ්‍යයක් සහ විශාල පෞරුෂයක් ඇති පුරවැසි පරපුරක් නිර්මාණය කිරීම බව යි.

කැට හොල්ලන, රට ගිනි තියන පරපුරක් නිර්මාණය කිරීම අවශ්‍ය නොවන බවත් මේ වන විට පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ඩොලර් අවශ්‍ය බවත් එම මුදල් ගෙන ආ හැකි පුද්ගලයාට බලය ලබා දීම ජනතාවගේ වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නෑ, බෑ කියන සංකල්පය මත කිසිදු අවස්ථාවක රටක ප්‍රශ්න විසදෙන්නේ නොමැති බව යි. ජනතාව ඉල්ලා සිටින එම විසදුම ලබා දීමේ දක්ෂතාව තමන් ඇතුළු සමගි ජන බලවේගය සතුව පවතින බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස්රථ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන විට සමහර පක්ෂ එය දරුණු ලෙස විවේචනය කරන බවත් නමුත් ඔවුන්ගෙන් ද සිදුවිය යුත්තේ මෙවැනි වැඩසටහන් සඳහා උපකාර ලබා දීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එසේ නිර්දය ලෙස විවේචනය කරන පිරිස් කිසිදු අවස්ථාවක ජනතාව වෙනුවෙන් වැඩක් නොකළ බව යි.

එබැවින් කවුරු විවේචනය කළත් කවුරු මඩ ගැහුවත් මේ සක්වල වැඩසටහන නැවැත්විය නොහැකි බවත් තවත් පාසල් 250කට වැඩි ප්‍රමාණයක් බස් රථ ඉල්ලා ඇති බවත් එම ඉලක්කය අසීරු වුවත් කෙසේ හෝ එය සපුරා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මෛත්‍රීට වෙච්ච දේ උදාහරණයට ගන්න! සර්ව බලධාරී කියලා හිතාගෙන ඉන්න නායකයන්ව අපි දණ ගස්සනවා! ෂෙහාන් මාලක ඊළඟ මෙහෙයුමට සැරසෙයි! (VIDEO)

Next Post

නීල් හපුහින්න අපරාධ වරදක් කරලා! වහාම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන්න! නීතිපතිට ආපු ලියුම මෙන්න!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.