දැනට වසා දමා ඇති කටුනායක ගුවන්තොටුපොළ සංචාරකයන් සදහා විවෘත කිරීමට ආණ්ඩුව මේ වනවිට සැලසුම් සකස් කරමින් තිබේ.
ඒ අනුව තෝරා ගත් රටවල් කිහිපයක සංචාරකයන්ට පමණක් මුල් අවදියේදී රට විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
කෙසේවෙතත් කොරෝනා වයිරසය දැඩිව පැතිර ඇති ඉන්දියාව සහ අමෙරිකාව ආදී රටවල සංචාරකයන්ට තවදුරටත් ලංකාවට පැමිණීම අත්හිටුවිමට ආණ්ඩුව තීන්දු කර ඇති බව පැවසේ.
ලබන සැප්තැම්බර් මාසයේ සිට මේ ආකාරයට කටුනායක විවෘත කර තැබීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බවද පැවසේ.










