ඊළග මැතිවරණය පවත්වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොවන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
අවම වශයෙන් ඊළග පළාත් සභා මැතිවරණය තෙක් හෝ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටින බව ඒ අනුව දැනගන්නට ඇත.
ඉන් අනතුරුව තරුණ නායකත්වයක් සදහා පක්ෂය සූදානම් කිරීමට වික්‍රමසිිංහ මහතා සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ ලබන වසරේ පෙබරවාරි-මාර්තු කාලයේදීය.










