• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කං කං බූරු – සිං සිං නෝරු – සහතික නෑලු – තිබුණත් බෑලු…!

February 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අලුත් කතානායකතුමාට බලපෑම් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
මාධ්‍ය නිවේදනයයි,
පසුගිය දින කීපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතුකරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මවිසින් ප්‍රකාශ කර නැත. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින්ද, ඒවා අදාළ ආයතනයෙන් ලබාගැනීමට සිදුව ඇති බැවින්ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.
මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර, ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත්, අප කෙරෙහි විශ්වාස තැබූ ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි.
Sri Lanka Latest News

ස්තුතියි,
අශෝක සපුමල් රංවල,
පාර්ලිමේන්තු මන්ත්‍රී,
2024.12.13

පාර්ලිමේන්තුවේ නිල ලාංඡනය වන සෙංකෝලය සහිත ලිපි ශීර්ෂයකින් තමයි මේ ලිපිය පිටවුණේ. 12 වැනි මාසේ 13 වැනිදා. ඒ කියන්නේ අද වෙනකොට මාස දෙකකට වැඩි කාලයක් ගතවෙලා ගිහිල්ලා ඉවරයි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට කතානායකවරයෙක් පත්කර ගැනීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරද්දී එම යෝජනාව ඉදිරිපත් වෙන්නේත් ආචාර්ය සපුමල් රංවල කියලා. ඔහු දේශපාලන සටනේදී තමන්ගේ සියලු නිල ලියවිලි භාවිත කරන්නේද අශෝක රංවලගේ නම ඉදිරියෙන් ආචාර්ය අශෝක රංවල කියලා. ආචාර්ය අශෝක රංවල, ආචාර්ය සුදුසුකම විරහිතව මෙම සෑම අවස්ථාවකදීම පෙනීසිටි බව දැන් පිළිගන්න සිදුවෙලා ඉවරයි. හැබැයි කතාව අපි දන්නවා. ඇත්තටම මැතිවරණ සටනකදී ඔහුට අදාළ ලීෆ්ලට් සහ ලියවිලි හදන්නේ ඔහු නෙවෙයි, වෙන කෙනෙක්. එහෙම හදද්දී ඒකට ආචාර්ය කියන එක දාන්න සිදුවීම ගැන ඔහුගෙන් අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහනවා හැර, ඔහුට ඒකට ලොකුවට මැදිහත් වෙන්න බැරිවෙන්න ඇති. ඒත් අශෝක රංවලව එක තැනකදී හිරවුණා කියන එක අපිට ඉතාම පැහැදිලියි. බීබීසීය ඔහුත් සමග පහුගිය දවසක මේ සම්බන්ධව ඍජුව කතා කරලා තිබුණා. එහිදී ඔහු විවිධාකාරයෙන් පිළිතුරුත්, විවිධාකාරයේ ගැටලුකාරී තැන්වලට හසුවෙන ආකාරයත් අපිට දැක්කා. ඔහු එහිදී කියනවා ඒ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නයක් නොවන බව. නමුත් ජනතාවගේ ප්‍රශ්නයක් නොවුණාට පාර්ලිමේන්තුවට ඔවුන් එන්නේ 225 දෙනාම හොරු බව කියලා, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පුරවන්න ඕනේ කියලා, ආචාර්ය මහාචාර්යවරු පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ කියලා. ඔහු ආචාර්ය කියන නම සහිතව ඡන්දයට ඉදිරිපත් වුණාම මිනිස්සු ඡන්දේ දෙන්නේ අශෝක සපුමල් රංවලට නෙවෙයි, ආචාර්ය අශෝක සපුමල් රංවලට කියලයි සාමාන්‍යයෙන් පිළිගැනීම සහ විශ්වාසය තියෙන්නේ. ඉතින් ඔහුට බැහැ දැන් ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි කියලා ගැළවිලා යන්නට.
අශෝක සපුමල් රංවල මහතා ලබාදුන්න දීර්ඝ පිළිතුර සහ ඊට අදාළව ඔහු කියන ඉතාම කනගාටුදායක තර්කය බීබීසී මාධ්‍ය ඔස්සේ පළකරලා තිබුණා. අපි මෙතැන් සිට එම ප්‍රකාශය ඔහුගේ වචන බීබීසීයේ පළව තිබූ ආකාරයටම ඔබට උපුටා දක්වන්නම්. එසේ නොවුණොත් අපි නිසා ඔහුට අගතියක් හෝ අසාධාරණයක් සිදුවීමට ඉඩ ඇති නිසා. මේවා වෙනස් කර හෝ සංස්කරණය කර හෝ ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති නිසා. නමුත් මෙතැනදී අපට කියන්න තියෙන කාරණාව තමයි මෙම තර්කය යොදාගෙන අපි දැක්කා පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස වගේ පාර්ලිමේන්තුවේ ඉන්න වෙනත් පාක්ෂිකයන්ට දැඩි සේ පහර දෙන ආකාරය, ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කරලා. අප කිසිසේත්ම පාර්ලිමේන්තුවට උගතුන් බුද්ධිමතුන් යා යුතුයි කියන තැන හෝ, පාර්ලිමේන්තුවට යන මිනිස්සුන්ට ආචාර්ය උපාධි තිබිය යුතුයි කියන තැන හෝ ඉඳගෙන මේ කතාව කියනවා නෙවෙයි. යම් කිසිවෙක් යම් කිසිවක් ප්‍රකාශ කරන්නේ නම්, ඔහු ජනතාවගේ මනාපයෙන් ඡන්දයේ බලයෙන් පාර්ලිමේන්තුවට පත්වූවෙක් නම් ඔහුට වගකීමක් තියෙනවා ඔහු විසින් ඉදිරිපත් කරන ලද සුදුසුකම් පිළිබඳ ඔප්පු කරන්න. ඔහු උපාධියක් දරනවා නම්, ඒ උපාධිය කුමනාකාරයේ උපාධියක් හෝ වේවා, උපාධියක් නම්, එතැනින් එහාට ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නෑ. ඔහු ආචාර්ය උපාධියක් දරනවා නම්, එම ආචාර්ය උපාධිය කුලියට හෝ සල්ලිවලට හෝ කුමන ආකාරයෙන් හෝ ලබාදී තිබෙනවා නම් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේ අයිතියක් අපට නෑ. ඔහුට වෙනත් සුදුසුකම් තිබෙනවා නම් එම සුදුසුකම් කොහෙන් ලබාගත්තත් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න අපට අවශ්‍යතාවක් හෝ වුවමනාවක් නෑ. නමුත් ඔහු දැන් මේ කියන කාරණා නිසා අපිට මේ ගැන තවදුරටත් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා සහ තවදුරටත් මේ පිළිබඳ දිගින් දිගටම කතාබහ කරන්න සිද්ධ වෙනවා. අමනාප වෙන්න එපා මන්ත්‍රීතුමා, මේ ඔබත් සමග අමනාපයෙන් කරන කතාබහක් නෙවෙයි. මේක රටක් විදියට අපිට දැනුණු ප්‍රශ්නයක්. දැන් මාස දෙකක් ගතවෙලා ගිහිල්ලත් ඔබ කියනවා අපූරු කතාවක්. කොහෙටද ඉදිරිපත් කරන්නේ, ඉදිරිපත් කරන ක්‍රමවේදයක් නෑ වගේ කතාවක්. ඒ නිසා අපි ඔබේ උත්තර දෙකත් මේකත් එක්ක අමුණනවා.

‘ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මම කතානායක ධුරයට පත්කළේ අපේ පක්ෂයේ වගකීමක් අනුව. ඒ වගකීම ඉෂ්ට කරන කොට පාර්ලිමේන්තුව තුළදී සැසිවාරයක් ආවා දෙසැම්බර් මාසේ 17, මේ රටේ දරුවන්ගේ පාසල් පොත් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න සැසියක්. මේ රටේ පාසල් දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න අවස්ථාවක්. ඒ වගේම මේ රටේ අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම තවදුරටත් දීර්ඝ කරලා රුපියල් 17,500 දක්වා වැඩිකරලා යම් සහනයක් දෙන අවස්ථාවක්. ඒක මග හැරුණා නම් මේ වෙලාවෙදී ඉතාම බරපතළ ප්‍රශ්නයකට ඒ අදාළ ප්‍රජාව මුහුණ දෙනවා. පාර්ලිමේන්තුව තුළ මෙන්න මේ තත්ත්වය අවුල්කරන්න සැලසුම්සහගත ක්‍රියාවලියක් දියත් වෙන්න පටන් ගත්තා. ඇත්තටම කතානායක ධුරය සම්බන්ධව ප්‍රශ්න කරනවා නම් බහුතරයකින් මේක අපිට දිනන්න පුළුවන්. හැබැයි මට පැවරුණු ප්‍රධාන වගකීමක් තමයි, කතානායක ධුරයෙදී මේ සභාව ඉතාම සමබරව පවත්වගෙන ගිහිල්ලා සභාව තුළ ආරවුලක් වෙන්නැතිව බේරගන්න එක. එකෙදි මම නිසා ආරවුලක් වෙන්න ගියා නම් සභාව ඇතුළේදී ඒක අපේ බහුතරයෙන්, එහෙම නැත්නම් අපේ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඒක අපිට පරාජය කරන්න පුළුවන් හැකියාව තිබිලා, පරාද කළාට අපිට බොහෝ දේවල් අහිමි වෙනවා. අපේ රටේ ජනතාවට.’

ඉන් පස්සෙ ඔහු මෙහෙම උත්තරයක් දෙනවා.
‘මම නැවත නැවතත් කියන්නේ ජනතාවට ඉදිරිපත් කරන ක්‍රමවේදය මොකක්ද කියන්න. ජනතාවට එහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන ක්‍රමවේදය.’
බීබීසී – ඔබතුමාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.

‘පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවද? මොකක්ද ඒකෙ තියෙන සම්ප්‍රදාය මොකක්ද? ඒවා මහ තුට්ටුදෙකේ වැඩ. පාර්ලිමේන්තුවට යන්නේ තමන්ගේ සහතික පෙන්වන්න නෙමෙයි. හරිද? ඒක නෙමේ ඊට වඩා විශාල දෙයක් අපි කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් අපි අපේ ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව මැදිහත් වෙනවා. ඒකට අවශ්‍ය දේවල් අපි ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. කරගෙන යනවා වැඩ ටික….’

ඔහු කියනවා. අපි අහනවා. එපමණයි ගරු හිටපු කතානායකතුමනි. මම මේ කතාව මෙතැනින් ඉවර කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මාලිමාව සෝදා පිරිසිදු කරගනිමු! Sri Lanka Latest News

Next Post

සුභාෂ් හෝටලයේ මාස හයක් හැංගිලා හිටියා! යුද්ධෙ කාලේ කොටි එක්ක හැප්පුණා! පලෙයිවලින් මතුවන යාල්පානම් තලෙයිවර්! Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.