අඩු ආදායම් ලාභීන්, අඩුවෙන් විදුලිය භාවිත කරන්නන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුළත් නොවන පරිදි විදුලි බල ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
මේ අනුව ඇතැම්විට කර්මාන්තශාලාවල විදුලි බිල තුන් හතර ගුණයකින් ඉහළ යෑමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළා.
මේ වන විට විදුලිය ඒකකයක් නිර්මාණය කිරීමාණය කිරීම වෙනුවෙන් රුපියල් 47.18ක මුදලක් වැය වුවත් සෑම ආකාරයකම ක්ෂේත්‍රයන්ගෙන් අය කරන්නේ ඊට වඩා අඩු මිලක් බව ඔහු කියන්නේ.
ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් මසකට රුපියල් බිලියන 750ක් වැය වුවත් වසරකදී විදුලි බිල් වශයෙන් ලැබෙන මුදල රුපියල් බිලියන 250ක් බවද ඔහු පවසනවා.
විදුලි බිල වැඩිවන කර්මාන්ත වෙනුවෙන් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම දිරිමත් කරන බවත් ඒ සඳහා ගෙවීම් මාසික ක්‍රමයට ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් නිර්මාණය කරන බවත් ඔහු අවධාරණය කරනවා.
එසේම ඉන්දීය ණය ක්‍රමය හා චීන ණය ක්‍රමය හරහා සුර්ය පැනල ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.